අනුරාධපුර අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අනුරාධපුර, මාතලේ හංදිය ප්රදේශයේදී හිටපු කමාන්ඩෝ සෙබළෙකුගේ නිවසක තිබී මෙරට නිෂ්පාදිත බෝම්බ තුනක් සිය භාරයට ගෙන තිබේ.
එහිදී අදාළ හිටපු කමාන්ඩෝ සෙබළාද අත්අඩංගුවට ගෙන ඇති අතර පොලීසියට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර ඇති අති බව සඳහන්.
එම බෝම්බ නිෂ්ක්රීය කිරීම සඳහා අනුරාධපුර අපරාධ විමර්ශන කොට්ඨාශය මගින් පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරින් වෙත භාරදී ඇති බව්ද සඳහන්.
