ශිනවාත්‍රා පාලන යුගය අවසන්.. අගමැතිනී ධුරයෙන් පහකෙරේ.!

කාම්බෝජයේ හිටපු නායක හුන් සෙන් සමග කළ දුරකතන සංවාදයක හඬපට නිකුත් වීමත් සමග ඇතිවූ මහජන විරෝධය මත සේවය අත්හිටවූ තායිලන්ත අග්‍රාමාත්‍ය පේටොංටර්න් ෂිනවාත්‍රා ධුරයෙන් පහකර ඇත.

සේවය අත්හිටවූ තායිලන්ත අග්‍රාමාත්‍ය පේටොංටර්න් ෂිනවාත්‍රා ධුරයෙන් පහකිරීමේ තීන්දුව තායිලන්ත ව්‍යවස්ථාදායක අධිකරණය මගින් නිකුත් කළේය.

ඒ අනූව පසුගිය දශක දෙක තුළ තායි දේශපාලනයේ ආධිපත්‍ය දැරූ ප්‍රබල ශිනවාත්‍රා පරපුරේ ධුර කාලය සම්පූර්ණ කිරීමට පෙර බලය අහිමි වන තුන්වැනි නායකයා බවට ඇය පත්වනු ඇති.

38 හැවිරිදි පේටොංටර්න් ෂිනවාත්‍රා, තායිලන්ත ඉතිහාසයේ අග්‍රාමාත්‍ය ධුරයක් දැරූ ළාබාලතම පුද්ගලයායි.