කෘතීම බුද්ධියෙන් ක්‍රියාත්මක ලොව පළමු කැබිනට් අමාත්‍යවරිය ඇල්බේනියා නිර්මාණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මෙම AI අමාත්‍යවරිය ‘ඩියෙල්ලා’ ලෙස නම් කර ඇති අතර ඇල්බේනියානු භාෂාවෙන් “සූර්යයා” යන අර්ථය බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඇල්බේනියාව දුෂණයෙන් තොර රටක් බවට පත් කිරීම සහතික කිරීමට මෙම ක්‍රියාමාර්ගය සිදුකර ඇති බවත් දූෂණය මැඩපැවැත්වීමේ කාර්යය අමාත්‍යවරියට පැවරී ඇත.
AI විසින් ප්‍රායෝගිකව නිර්මාණය කරන ලද පළමු කැබිනට් අමාත්‍යවරිය සංකේතාත්මක තනතුරක් වන අතර ඇය සාම්ප්‍රදායික ඇල්බේනියානු ඇඳුමින් සැරසී සිටියි.
එරට නිල සංඛ්‍යාලේඛන වලට අනුව මේ දක්වා අමාත්‍යවරිය ඩිජිටල් ලේඛන 36,600 ක් නිකුත් කිරීමට උදව් කර ඇති අතර වේදිකාව හරහා සේවා 1,000 කට ආසන්න ප්‍රමාණයක් ලබාදී ඇත.
