යුක්රේනයට අයත් වන ඩොන්බාස් බලහත්කාරයෙන් හෝ ලබාගන්නා බව රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සඳහන් කරයි.
එනිසා යුක්රේනය හමුදාව නැගෙනහිර ඩොන්බාස් ප්රදේශයෙන් ඉවත්විය යුතු බවට රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් යළිත් වරක් අනතුරු අඟවා ඇත.
යුක්රේනයට එරෙහි යුද්ධය අවසන් කිරීමට අදාළ තමන්ට අවාසි සියලු සම්මුතීන් ප්රතික්ෂේප කරන බවද ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සඳහන් කරයි.
ඉන්දියාවේ සංචාරයක නිරත රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටීන් එරට පැවති ප්රවෘත්ති සාකච්ඡාකට එක්වෙමින් මේ බව සඳහන් කරයි.
කෙසේ වෙතත් මේ වනවිට ඩොන්බාස් වලින් 85%ක් පමණ රුසියාව විසින් පාලනය කරන අතර එහි නැගෙනහිර ප්රදේශයේ පමණක් යුක්රේනය හමුදා රැඳී සිටියි.
