දිට්වාගෙන් බැට කෑ ජනතාවට ඇස් ලෙඩින් පීඩා.!

රී ලංකා අක්ෂි ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමය අනතුරු ඇඟවීමක් සිදු කරමින් පවසන්නේ දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් පීඩාවට පත් ජනතාව රඳවා සිටින ආරක්ෂිත මධ්‍යස්ථාන සහ කඳවුරු තුළ අක්ෂි රෝග පැතිරීමේ දැඩි අවදානමක් පවතින බවයි.

එම සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය කුසුම් රත්නායක මහත්මිය අවධාරණය කර සිටියේ නිවැරදි සනීපාරක්ෂක පිළිවෙත් අනුගමනය කිරීම සහ යහපත් සෞඛ්‍ය පුරුදු පවත්වාගෙන යාම තුළින් මෙම තත්ත්වය කල්තියා වළක්වා ගැනීමට හැකියාව පවතින බවයි.

විශේෂයෙන්ම විශාල පිරිසක් එකම ස්ථානයක සමූහ වශයෙන් රැඳී සිටින මෙවැනි අවස්ථාවලදී බෝවන රෝග ව්‍යාප්තියේ අවදානම ඉහළ මට්ටමක පවතින බව වෛද්‍යවරිය පෙන්වා දුන්නාය.

සාමාන්‍ය ව්‍යවහාරයේ ‘ඇස් ලෙඩ’ (Sore eyes) යනුවෙන් හඳුන්වන ඇස් රතුවීමේ රෝගී තත්ත්වය මෙහිදී ප්‍රධාන වශයෙන් දැකගත හැකි අතර, එය ස්පර්ශය සහ වාතය මාර්ගයෙන් ඉතා වේගයෙන් පුද්ගලයාගෙන් පුද්ගලයාට සම්ප්‍රේෂණය වීමේ හැකියාවක් පවතී.

යම් පුද්ගලයෙකුට මෙම රෝගී තත්ත්වය වැළඳී ඇත්නම් නිතර දෑත් පිරිසිදු කර ගැනීමටත්, අපිරිසිදු දෑත්වලින් ඇස් ස්පර්ශ කිරීමෙන් වැළකී සිටීමටත් වගබලා ගත යුතු බව වෛද්‍යවරිය ජනතාවට උපදෙස් ලබා දෙයි. යම් හෙයකින් මෙම රෝගය පැතිර ගියහොත් එය ආරක්ෂිත මධ්‍යස්ථානයේ සිටින සමස්ත කණ්ඩායමටම බලපෑ හැකි අතර, ඒ තුළින් අනවශ්‍ය සෞඛ්‍ය ගැටලු රැසක් නිර්මාණය විය හැකි බව ද ඇය වැඩිදුරටත් පැවසීය.

1 Comment
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments