By reporter.lk on (LK time)
අමෙරිකාව විසින් ජපානය සමඟ දැවැන්ත වෙළෙඳ ගිවිසුමකට එළැඹී ඇති අතර ආනයනික භාණ්ඩ සඳහා 15%ක තීරු බද්දක් පැනවීමට තීරණය කර ඇත.
මෙම ගිවිසුම ජපානයේ ආයෝජන ඩොලර් බිලියන 550ක් අමෙරිකාව තුළ සිදුකිරීමට නියමිත බව, අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් Truth Social ගිණුමෙහි සටහනක් තබමින් සඳහන් කරයි.
තවද එම තීරණය හේතුවෙන් අමෙරිකාවට යහපත් කාලයක් උදාවන බවත් එය ජපානය සමඟ ඇති සම්බන්ධතාව වර්ධනය කරගැනීමට හේතුවක් වන බවද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කරයි.
මෙම ගිවිසුම අනුව ජපානය විසින් අමෙරිකානු නිෂ්පාදන වන මෝටර් රථ, ට්‍රක් රථ, සහල්, ඇතැම් කෘෂිකාර්මික නිෂ්පාදන ඇතුළු අනෙකුත් ආනයනය භාණ්ඩ සඳහා 15%ක බද්දක් අඩුකර ඇත.





