වසර 5,000 ක් පැරණි බියර් කර්මාන්ත ශාලාවක් පුරාවිද්‍යාඥයින් විසින් සොයාගෙන ඇතැයි ඊජිප්තුවේ සංචාරක හා පුරාවස්තු අමාත්‍යාංශය පවසයි. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, පුරාණ ඊජිප්තු නගරයක් වන අබිඩොස්හිදී ( Abydos ) මෙම බියර් කර්මාන්ත ශාලාව සොයා ගෙන ඇති බවයි. වසර 5,000 කට පෙර ඊජිප්තුව පාලනය කළේ, නාර්මර් නම් රජ කෙනෙකු විසිනි. අදාළ සොයා ගැනීම සිදු කළ, නිව්යෝර්ක් […]Read More
පෘථිවියේ කලාප තුනක සිට රටවල් තුනක් අඟහරු ග්‍රහයා වෙත යැවු අභ්‍යාවකාශ යානා තුනෙන් දෙකක් අඟහරුගේ කක්ෂය තුළට ඇතුළු වී තිබේ. ඒ, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ චීනය යැවු අභ්‍යාවකාශ යානා දෙකකි. අමෙරිකානු අභ්‍යාවකාශ යානය මෙම මස අවසන් දිනවලදී අඟහරු වෙත ළඟාවීමට නියමිත බව නාසා ආයතනය පවසයි. එක්සත් අරාබි එමීර් රාජ්‍යය විසින් පසුගිය වසරේ ජූලි මාසයේ […]Read More
අනතුරු ඇඟවීමයි යන විශේෂ නිවේදනය යටතේ ශ්‍රී ලංකා විදුලි සංදේශණ නියාමන කොමිෂන් සභාව විසින් මෙරට සමාජ මාධ්‍ය ඇතුළු අන්තර්ජාල භාවිත කරන්නන් හට දැනුම්දීමක් සිදු කර තිබේ. එහිදී ඔවුන් සඳහන් කර තිබුණේ කොවිඩ්-19 වෛරසය හේතුවෙන් මැයි 03 වෙනිදා දක්වා නොමිලේ අන්තර්ජාල පහසුකම් ලබාදෙන බවට සඳහන් වන පරිගණක වෛරස් සැබඳියක් (SPAM Link) හවුමාරු වෙමින් පවතින බවයි. මෙහිදී […]Read More
LK ඩොමේන් යටතේ ලියාපදිංචිව ඇති වෙබ් අඩවි කිහිපයකට අද(06) පෙරවරුවේ අනවසර ඇතුළුවීමක් සිදු විය. කෙසේ වෙතත් වෙබ් අඩවිවල දත්ත සොරාගෙන ඇති බවට කිසිදු සාක්ෂියක් මෙතෙක් වාර්තා වී නොමැත. LK ඩොමේන් හෙවත් ලංකා වසම් ලේඛකාධිකාරියේ ලේඛකාධිකාරි මහාචාර්ය ගිහාන් ඩයස් මහතා පැවසුවේ මෙය රජයේ වෙබ් අඩවි ඉලක්ක කරමින් සිදු කර ඇති බවයි. රජයේ වෙබ් අඩවි ඇතුළු සෙසු […]Read More
සතෙකුගේ මොළය තුළ චිපයක් සවි කිරීමේ Neuralink වැඩසටහන ඉතාමත් සාර්ථක ප්‍රතිඵල අත්කරදී ඇතැයි සුප්‍රසිද්ධ ව්‍යවසායකයෙකු වන ටෙස්ලා සහ ස්පේස් එක්ස් යන සමාගම්හි ප්‍රධාන විධායක නිලධාරී එලොන් මස්ක් පවසයි. ඒ අනුව සිය විද්‍යාගාරයක් තුළදී මෙලෙස චිපයක් මොළයේ සවි කළ වදුරෙකු පිළිබදව අත්හදා බලමින් සිටින බවත්, මේ මොහොත වනවිට එම වදුරා පරිගණක ක්‍රීඩා කරමින් සිටින බවත් මස්ක් […]Read More
අභියාචනාධිකරණයේ නඩු කටයුතු වීඩියෝ තාක්ෂණය ඔස්සේ සිදුකිරීම මේ වන විට ආරම්භ කර තිබේ. ඒ අනුව අභියාචනාධිකරණයේ අධිකරණ කාමර 205, 110, 107 යන කාමරවලදී එම කටයුතු ඊයේ (18) දිනයේ දී සිදුකර ඇත. වැලිකඩ සහ අඟුණකොළපැලැස්ස යන බන්ධනාගාරවල සිට අන්තර්ජාලය හරහා අවශ්‍ය සම්බන්ධතාවයන් සිදුකර තිබේ. මේ අතර, අභියාචනා සිරකරුවන්ගේ නඩු ඇසීමට අභියාචනා අධිකරණ 04 ක් ඉතා කඩිනමින් […]Read More
WhatsApp සහ Facebook (මව් සමාගම) සමඟ බෙදාගන්නා දත්ත පිළිබඳව පරිශීලකයන්ගේ විශාල ව්‍යාකූලත්වයක් ඇතිවීමෙන් පසු; එහි රහස්‍යතා ප්‍රතිපත්තිය යාවත්කාලීන කිරීම ප්‍රමාද කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. පසුගිය මාසයේදී, WhatsApp විසින් යාවත්කාලීන කරන ලද සේවා කොන්දේසි සහ රහස්‍යතා ප්‍රතිපත්තිය පරිශීලකයින්ට දැනුම් දීම ආරම්භ කළ අතර, පෙබරවාරි 8 න් පසුව යෙදුම දිගටම භාවිතා කිරීම සඳහා ඒ සඳහා එකඟ විය යුතු වේ. […]Read More
ඩෙංගු ව්‍යාප්තවන ස්ථාන හඳුනාගැනීම සඳහා ඩ්‍රෝන තාක්ෂණය භවිත කරමින් ඉතිහාසයේ ප්‍රථම වතාවට බස්නාහිර පළාත තුළ ඩෙංගු ව්‍යාප්තිය පාලනයට රුපියල් මිලියන පහක් වටිනා අති නවීන ඩ්‍රෝන යානා චීනයෙන් මෙරටට ගෙන්වා ගැනීමට බස්නාහිර පළාත් ආණ්ඩුකාර, හිටපු ගුවන් හමුදාපති මාර්ෂල් ඔෆ් එයාර් පෝස් රොෂාන් ගුණතිලක පියවර ගෙන ඇත. මෙම ඩ්‍රෝන යානා මගින් ඩෙංගු මදුරුවන් වැඩි වශයෙන් ගැවසෙන ස්ථාන […]Read More
කටුනායක, බියගම හා කොග්ගල ආයෝජන කලාපයන් අතර අන්තර් සබඳතාව ගොඩ නැඟීම, බියගම ආයෝජන කලාපයේ කර්මාන්ත දිරි ගැන්වීම හා ප්‍රදේශයේ ජනතාවට ගමනාගමන පහසුකම් සැලසීමත් මූලික කොටගෙන දක්ෂිණ අධිවේගී මාර්ගයේ බියගම ප්‍රදේශයට අන්තර් හුවමාරු මධ්‍යස්ථානයක් ලබා දීමට සැලසුම් කර ඇති බව ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා පැවැසීය. රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මෙම අදහස් […]Read More
ලෝකයේ බහුලවම භාවිත වන සමාජ ජාල පණිවිඩ හුවමාරු මෘදුකාංගයක් වන වට්ස්ඇප් සේවා 2021 ජනවාරි 01 වැනිදා සිට සමහර අයි-ෆෝන් සහ ඇන්ඩ්‍රොයිඩ් දුරකථනවල ක්‍රියා විරහිත වනු ඇති බවට සඳහන් වෙයි. මෙම මෘදුකාංගයේ නවතම යාවත්කාලීන ක්‍රමවේදයන් පැරණි ඇපල් මෙහෙයුම් පද්ධතින් සහ ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතීන් ඇති දුරකථන තුළ ක්‍රියාත්මක වීමට ඇති තාක්ෂණික පහසුකම් නොමැති වීම නිසා මෙලෙස එම […]Read More