මහනුවර දිස්ත්‍රික්කයේ අකුරණ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බුළුගහතැන්න සහ තෙලම්බුගහවත්ත ග්‍රාමසේවා වසම් හුදකලා කර ඇතැයි යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. කළුතර දිස්ත්‍රික්කයේද බණ්ඩාරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අටුලුගම නැගෙනහිර, එපිටමුල්ල, කොළමැදිරිය යන ග්‍රාමසේවා වසම්ච හුදෙකලා කර ඇත. කොරෝනා ව්‍යාප්තිය පාලනය සදහා මෙම පියවර ගෙන තිබේ. බණ්ඩාරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨායේ කිලිමන්තුඩාව ග්‍රාමසේවා වසම හුදකලා තත්ත්වයෙන් නිදහස් කරන […]Read More
ඊයේ රාත්‍රියේ වැලිකන්ද කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් පළා ගිය කොරෝනා ආසාදිතයා අද (25) දින පොලීසිය අත්අඩංගුවට ගත බව වාර්තා විය. එම ආසාදිතය වැලිකන්ද නගරයේ රැදී සිටියදී අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවූවෙකු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කරන ලදී.Read More
ඊයේ (24) දින කළුතර දිස්ත්‍රික්කයෙන් හඳුනාගනු ලැබූ කොරෝනා ආසාදිතයන් 78 දෙනාගෙන් 74 දෙනෙකුම බණ්ඩාරගම – අටළුගම ප්‍රදේශයේ පදිංචිකරුවන් වන බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා සඳහන් කරයි. මේ අනුව ආරම්භයේ සිට ආසාදිතයන් වාර්තා වූ අටළුගම ප්‍රදේශයේ මෙවන් අධික ආසාදිතයන් හමුවීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කලයුතු බව ඒ […]Read More
බස්නාහිර පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ, උඩුගම්පොළ කාර්යාලයේ කළමනාකරණ සහකාර නිලධාරිනියකට පහරදුන් ප්‍රධාන ඉන්ජිනේරුවරයා අද (25) දින අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදා හැරීමට නියෝග කර තිබේ. ඒ අනුව ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණය විසින් අදාල සැකකරුව රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප මත ඔහු මුදා හැරීමට තීරණය කොට තිබේ. දුරකතන අංකයක් ලබාදීමට ප්‍රමාද වූ බව කියමින් තමන්ට […]Read More
හෙට (26) දින සිට සමස්ත ලංකා අන්තර් පළාත් පාසැල් ළමුන් ප්‍රවාහන සේවා සංගමය ධාවනයෙන් ඉවත්වීමට තීරණය කර ඇති බව එහි සභාපති රුවන් ප්‍රසාද් මහතා ප්‍රකාශ කරන ලදී. ඊට හේතුව ලෙස ඔවුන් දක්වා ඇත්තේ අද (25) දිනය තුලත් පාසල් ළමුන් ප්‍රවාහනය සදහා බස්රථ ධාවනය කරවීම ඉතා අසාර්ථක වූ බවයි. එහිදී දෙමව්පියන්ගේ හා දරුවන්ගේ පාසල් යැවීමට ඇති […]Read More
අද (25) දින ඌව පළාත් සභාව ඉදිරිපිට තමන්ගේ රැකියා ප්‍රශ්නයට විසදුම් ලබානොදීමට විරෝධය දක්වමින් ඌව පළාත් ගුරු විභාගය සමත් සහ ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරින්ගේ සංගමය නිහඩ විරෝධතාවයක නිරත විණි. මේ සදහා සංගමයේ කැදවුම්කරු තැන්නේ ඤානානන්ද හිමියන්ගේ මුලිකත්වයෙන් ගුරු විභාගය සමත් රැකියා විරහිත උපාධිධාරිහු එක්වී සිටියහ. ඔවුන් කලුපටි හිසේ බැඳ මුව ආවරණ පැළඳ සටන් පාඨ ලියූ […]Read More
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ අසත්‍ය සාක්ෂි ලබාදී ඇතැයි ඔහුට හරස් ප්‍රශ්න යොමුකළ නීතිඥවරුන් ඊයේ (24) කොමිසම හමුවේ චෝදනා කර තිබේ. නීතිඥවරුන් චෝදනා කළේ, ජාතික ආරක්ෂාවේ ඛේදජනක සිද්ධියක් වූ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරෙන ප්‍රශ්න කිරීම්වලදී හිටපු ජනාධිපතිවරයා ඉතා විහිළු සහගතව හැසිරෙන බවය. සිංගප්පූරු සංචාරයෙන් පසුව ඉන්දියාවේ තිරුපති වැඳීමට […]Read More
අද (25) දින ගාල්ල අක්මීමන කපුහේන් පොල නන්දිමිත්ර විද්‍යාලය අසල උද්ඝෂණයක් පැවතින. ඒ නන්දිමිත්ර විද්‍යාලයේ ඉඩමෙන් කොටසක් වෙනත් පුද්ගලයෙක් බලෙන් ඔප්පුවක් මගින් පවරා ගෙන පරිහරණය කිරීමට විරෝධය පළකරමිනි. මේ සදහා හිටපු දකුණු සහ පළාත් සභා මන්ත්‍රී රත්න ගමගේ,බෝපේ පෝද්දල ප්‍රාදේශීය සභා මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර යන මහත්වරුන් සමගින් සමගින් ප්‍රදේශවාසීන් පිරිසක් එක්ව සිටියහ.Read More
ඊයේ (24) දින කොළඹ මහනගර සභාව සිදුකල PCR පරීක්ෂණයකදී යුනියන් පෙදෙසේ පෞද්ගලික සමාගම සේවය සඳහා පැමිණ සිටි ඉන්දිය ජාතිකයින් 93 දෙනකුගෙන් 53 දෙනකුට කොරෝනා වෛරසය අසාදනය වී ඇති බවට තහවුරු වූ බව සෞඛ්‍ය අංශ වාර්තා කරන ලදී. ඒ අනුව එම ආසාදිත පිරිසෙන් 9 දෙනකු බිංගිරිය රෝහලටත් 44 දෙනෙකු වෙනත් රෝහල් සදහාත් ප්‍රතිකාර සදහා යොමුකොට ඇති […]Read More
අද (25) දින තවත් 485 දෙනෙකු කොරෝනාවෙන් පුර්ණ සුවය ලබා ප්‍රතිකාර මධ්‍යස්ථාන වලින් පිටව ගිය බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරන ලදී. ඒ අනුව මෙරට කොරෝනා අසාදනයෙන් සුවය ලැබූ සමස්ථ පුද්ගලයන් ගණන 15447 ක් දක්වා ඉහළ යන ලදී.Read More