දැදුරුඔයේ වැලි ජාවාරමක් වැටලීමට ගිය පොලිස් නිලධාරියෙකු කොබෙයිගනේ ප්‍රදේශයේ දී ටිපර් රථයකට යට කිරීමෙන් අද (29) අලුයම මරණයට පත් කළ ටිපර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබේ. 27 හැවිරිදි සැකකරු අද (29) දින උදෑසන 11.30ට පමණ නිකවැරටිය ප්‍රදේශයේ දී නිකවැරටිය මුලස්ථාන පොලිස් පරීක්ෂකවරයා විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් […]Read More
සංචාරක එංගලන්ත කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පැවැත්වෙන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගය අද (නොවැම්බර් 29) දින පැවැත්වීමට නියමිතය. තරගය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 6ට ආරම්භ වේ. එංගලන්ත කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පැවැත්වෙන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය සඳහා තරග 3ක් ඇතුළත් වේ. ඒ අනුව දෙරට අතර පැවැති පළමු විස්සයි විස්ස තරගය […]Read More
හෙට (නොවැම්බර් 30) දින උදෑසන සිට කොළඹ නගරයේ හුදෙකලා බව ඉවත් කළ ද මැනිං වෙළෙඳපොල, පිටකොටුව 4 වන සහ 5 වන හරස් වීදිය ප්‍රදේශවල වෙළෙඳාම් කිරීම තහනම් කර තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මේ බව නිවේදනය කරන ලදී.Read More
මේ වනවිට පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ ආන්දෝලනයකට තුඩුදුන් හඬපට වලින් තවත් හඬ පටයක් මේ දිනවල නැවතත් සැරිසරන බව Lanka C News වාර්තා කොට තිබේ. එම හඬපටය තුල හිටපු එෆ්.සී.අයි.ඩී. ප්‍රධානි නියෝජ්‍ය පොලිස්පති රවි වෛරද්‍යලංකාර මහතා සහ පාර්ලිමේන්තු මන්ති රංජන් රාමනායක මහතා සිදු කරන ලද සංවාදයක් ඇතුලත් බව කියවේ. එහිදී හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් […]Read More
තම රටේ ජ්‍යෙෂ්ඨතම න්‍යෂ්ටික විද්‍යාඥයා වන මොෂේන් ෆක්රිසාඩේ ඝාතනය කිරීම සම්බන්ධයෙන් පළි ගන්නා බව ඉරාන අධ්‍යාත්මික නායක අයතොල්ලා සෙයිඩ් අල් කමෙයිනී පවසයි. නාඳුනන ප්‍රහාරකයන් පිරිසක් විසින් ෆක්රිසාඩේ ගමන් ගත් මෝටර් රථයට එරට අගනුවරට ආසන්න නගරයකදී ප්‍රහාරයක් එල්ල කර තිබුණි. පසුව ඔහුව රෝහල්ගත කළ ද එහිදී මියගොස් තිබේ. ඉරානය පවසන්නේ මෙම ඝාතනය පිටුපස ඊශ්‍රායලය සිටින බවය. […]Read More
අගමැති නිල නිවාස වන අරලියගහ මන්දිරය මේ වනවිට හුදෙකලා කර නොමැති බවට අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම්වරයා වන රොහාන් වැලිවිට මහතා විසින් නිකුත් කර ඇති නිවේදනය අසත්‍ය ප්‍රකාශයක් බවත් එහි මේ වනවිට කිසිදු රාජකාරියක් සිදු නොවන බවත් හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සන්ඩේ ටයිම්ස් පුවත්පතට අදහස් පළකරමින් පවසා ඇත. ඒ අනුව අරලියගහ මන්දිරය මේ වනවිට ලොක්ඩවුන් කර […]Read More
පසුගිය නොවැම්බර් 03 වැනිදා පැවති අමෙරිකානු ජනාධිපතිවරණයෙන් ජයගත් ජෝ බයිඩන් පෙනිසිල්වේනියා ප්‍රාන්තයේ ජයග්‍රාහකයා ලෙස නම් කිරීම වළකාලීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගත් ප්රයත්නයක් එරට ෆෙඩරල් අභියාචනාධිකරණයකින් නිෂ්ප්‍රභ කර තිබේ. ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් පෙන්වා දී ඇත්තේ එය කිසිදු පදනමක් රහිත චෝදනාවක් බවය. එසේම ට්‍රම්ප් ගේ නීතිඥ කණ්ඩායම නිශ්චිත චෝදනා එල්ල කර නොමැති බවත් කිසිදු සාක්ෂියක් ඉදිරිපත් කර […]Read More
සෝමාලියාවේ මොගඩිෂූ අගනුවර සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයන් 06 දෙනෙකු මියගොස් තිබේ, අගනුවර ජාත්‍යන්තර ගුවන් තොටුපොළ අසළ දී මරාගෙන මැරෙන ත්‍රස්ත සාමාජිකයකු සිදුකළ පුපුරුවා ගැනීමෙන් විශාල පිරිසක් තුවාල ලබා ඇති බව ද වාර්තා වේ. සෝමාලියාවේ බලය තහවුරු කරගැනීමට උත්සාහ කරන අල්කයිඩා සංවිධානයට සම්බන්ධ කැරලිකරුවන් විසින් මෙම බෝම්බය පුපුරුවාගෙන ඇතැයි පැවසේ.Read More
නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති හා පොදු ජන පෙරමුණේ භාණ්ඩාගාරිකද වන රේණුක පෙරේරා නිවාස සංවර්ධන අධිකාරියට අයත් නාවල පිහිටි අක්කර පහක විශාල ඉඩමක් ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් තොරව මසකට රුපියල් ලක්ෂයක මුදලකට කුලී පදනම මත ලබාදී ඇත. සැප්තැම්බර් 17 දින මේ වෙනුවෙන් වූ අධ්යක්ෂ මණ්ඩල තීරණය ගෙන ඇති අතර නාවල කිරිමණ්ඩල මාවතේ පිහිටි පරංගියා කුඹුර නමැති ඉඩම කුලියට […]Read More
මහබැංකු බැදුම්කර වංචාවට සම්බන්ධව මෙරට අධිකරණයට අවශ්‍යව සිටින ප්‍රධානතම චූදිතයෙකු වන, හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ශ්‍රී ලංකා රජයට භාර දීම, සිංගප්පූරු රජය ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වේ. මේ පිලිබදව නිල නොවන ආරංචි මාර්ග ඔස්සේ තමන්ට දැනගන්නට ලැබී ඇති බව සති අන්ත සන්ඩේ මෝර්නිං පුවත්පත වාර්තා කොට තිබිණි. එහිදී එම පුවත්පත මේ පිළිබදව අධිකරණ […]Read More