හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කොළඹ මහාධිකරණය කොළඹ අපරාධ කොට්ඨාශයට අද වරරෙන්තු නිකුත් කළේය. 2015 වසරේ තරුණයෙකු පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තබා පහර දුන්නේ යැයි චෝදනා එල්ල වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අද (10) දින අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් මෙම වරරෙන්තුව නිකුත් කර තිබේ.Read More
නිශ්චිත කෝටා ක්‍රමයකට යටත්ව නැවත මෙරටට වාහන ආනයනය කිරීම සඳහා රජය සහ වාහන ආනයන කරුවන් එකඟතාවකට පැමිණ ඇත. මෝටර් රථ ආනයන ක්ෂේත්රයට සම්බන්ධ සියලුම පාර්ශ්වවල සහභාගීත්වයෙන් පසුගිය 04 වැනිදා පැවැති විශේෂ සාකච්ඡාවකදී මෙම එකඟතාවට පැමිණ තිබේ. ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දරගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සාකච්ඡාවට මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු ඉහළ නිලධාරීන්, ආනයන අපනයන පාලක, මෝටර් […]Read More
පාස්කු කොමිෂන් සභාවේ අවසන් වාර්තාව සම්බන්ධයෙන්, පාර්ලිමේන්තුවේ කල් තැබීමේ විවාදයක් අද පැවැත්වේ. මේ අතර, පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ 09 වැනි සැසි වාරයේ පළමු වාර්තාව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. කෝප් කාරක සභාව විසින් විමර්ශනය කරන ලද විගණකාධිපති විශේෂ වාර්තා 06 ක් ඊට ඇතුළත් වේ.Read More
වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1,000ක් දක්වා ඉහළ නැංවීමේ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.Read More
රජය ඇණවුම් කළ ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත් මාත්‍රා ලක්ෂ 5ක් මේ මාසය තුළ දිවයිනට ලැබෙන බව , රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව පවසයි. එහි සාමාන්‍යාධිකාරී දිනූෂ දසනායක මහතා සඳහන් කළේ, ඉතිරි එන්නත් මාත්‍රා ලක්ෂ 05 ලබන මාසයේදී මෙරටට ලබාදීමට එම සමාගම එකඟ වී ඇති බවයි. කොවිෂීල්ඩ් එන්නත් මාත්‍රා ලක්ෂ 15ක් ඉන්දීය සාමාගමෙන් ඇණවුම් කර ඇති අතර, ඉන් […]Read More
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය (O/L Exam) අද (10) අවසන් වෙයි. අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය දින 10 ක් පුරාවට මධ්‍යස්ථාන 4513 කදී පැවැත්විය. මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පාසල් සහ පෞද්ගලික අයදුම්කරුවන් හය ලක්ෂ විසි දෙදහස් තුන්සිය පනස් එක් දෙනෙකු පෙනී සිටියේය. අද දිනයේ විභාගය අවසන් වූ පසු , සිසුන් සාමකාමීව […]Read More
පාස්කු කොමිසන් සභා වාර්තාවේ නිර්දේශ පිළිගන්නා බව කතෝලික රදගුරු මණ්ඩලය ඊයේ පස්වරුවේ නිවේදනය කර තිබේ. එම මණ්ඩලය අවධාරණය කරන්නේ, මෙම ප්‍රහාරයට සෘජුව වගකිව යුත්තත් ආධාර අනුබල දුන් පිරිස් සහ තම රාජකාරි නොතකා ක්‍රියා කළ පිරිස් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමට නීතිපතිවරයාට බලතල සහ නිදහස ලබාදෙන ලෙසය. දැනටමත් රඳවාගෙන ඇති ඉතිරි සංවේදි ලියකියවිලි 22 නීතිපතිවරයාට ලබාදෙන ලෙස […]Read More
මෙරට ප්‍රථම වරට නව මාධ්‍ය සදහාම වෙන්වූ මාධ්‍ය හමුවක් ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ජාතික සංවර්ධන මාධ්‍ය මධ්‍යස්ථානය විසින් සංවිධානය කර තිබේ. ඒ අනුව හෙට (10) සිට සෑම බදාදා දිනකම එම මාධ්‍ය හමුව පැවැත්වීමට නියමිත අතර හෙට පෙරවරු 10.30 ට ‘කොරෝනා එන්නත්කරණයේ ඉදිරි සැලසුම්’ පිළිබද සාකච්ඡා කිරීමට නියමිතය. එම මාධ්‍ය හමුවට ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග මහතා, සෞඛ්‍ය […]Read More
ශ්‍රී ලංකාවේ සිවිල් ක්‍රියාකාරිනියක වන නීතිඥ රනිතා ඥාණරාජා මහත්මියට අමෙරිකා එක්සත් ජනපදය, ජාත්‍යන්තර දිරිය කාන්තා සම්මානය පිරිනමා ඇත. ඒ, ඇය ශ්‍රී ලංකාවේ ප්රජාතන්ත්රවාදය සහ මානව හිමිකම් ක්ෂේත්රවල ප්රගමනය වෙනුවෙන් ලබා දුන් විශිෂ්ට දායකත්වය අගය කරමින්ය. අමෙරිකානු ජනාධිපති බිරිඳ, ආචාර්ය ජිල් බයිඩ්න් මහත්මිය විසින් ඊයේ(08) මෙම සම්මානය අන්තර්ජාලය හරහා නීතිඥ රනිතා ඥාණරාජා මහත්මියට පිරිණැමූ අතර, ඊට […]Read More
ආණ්ඩු පක්ෂයේ කොළඹ දිස්ත්රික්පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මහතා අද (09) බෝට්ටුවකින් පාර්ලිමේන්තුවට පැමිණි අතර එය පාර්ලිමේන්තු ඉතිහාසයේ පළමු වතාවට මන්ත්‍රීවරයෙක් නිල වශයෙන් ලබා ගත් අවසරයක් මත බෝට්ටුවෙන් පාර්ලිමේන්තුවට පැමිණි අවස්තාවක් ලෙස සනිටුහන් වනු ඇත. පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වෙන දිනවලදී බෝට්ටුවෙන් පාර්ලිමේන්තුවට පැමිණීමට මධුර විතානගේ මහතා කළ ඉල්ලිමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ අවසරය ලැබී තිබෙන බව […]Read More