රන් දෝතලු පැළ ගලවා දඩ කෑ ගිලීමලේ

වඳවීයාමේ තර්ජනයට ලක්ව ඇති රන් දෝතලු පැළ 60 ක් ගලවා ළඟ තබාගෙන සිටි පුද්ගලයෙක් වරද පිළිගැනීමෙන් පසු රුපියල් 10,000 දඩයක් ගෙවන ලෙස රත්නපුර අතිරේක මහේස්ත්‍රාත් ඩි.ඩී.එස්. වීරවර්ධන මහතා අද (18) නියෝග කළේය. මෙසේ දඩ නියම වුයේ ගිලීමලේ, කැටවල පදිංචිකරුවකුටය. සමනල ස්වභාව රක්‍ෂිතයට යාබද සිරිපා අඩවියේ මොරන්ගල, කන්දෙගල කැලෑවෙන් ගලවා ගෙනවිත් තිබූ රන් දෝතලු පැළ 60ක් සැකකරු […]Read More

කාත්තන්කුඩි ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ ග්‍රා.නි.වසම් 10

හුදකලා කළ කාත්තන්කුඩි ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ ග්‍රාමසේවා වසම් 10ක හමුදා සෝදිසි  ස්ථාන පිහිටුවා ඇති බව යුද හමුදාව පවසයි. එම ප්‍රදේශයේ හුදකලා බව ඉවත්කළ  ග්‍රාමසේවා වසම්  හැර සෙසු  ග්‍රාමසේවා වසම් මාර්ග  බාධක  දමා වසාදැමීමට  හමුදාව, පොලිසිය, නගර සභාව, කාත්තන්කුඩි  ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සෞඛ්‍ය  වෛද්‍ය අධිකාරි කාර්යාල නිලධාරින් විසින්  සිදුකරන ලදි.   ඇතුලත මාර්ග, ප්‍රධාන  මංසන්ධි සහ […]Read More

විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් නාගානන්දගෙන් පෙත්සමක්..

කොරෝනා වසංගතය හේතුවෙන් පීඩාවට පත්ව සිටින විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් මෙරටට ගෙන්වා ගැනීමේ විධිමත් වැඩපිළිවෙළක් සකස් කරන ලෙස රජය වෙත නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කර තිබේ. අදාළ පෙත්සම අද (19) සිසිර ද ආබෲ, ප්‍රියන්ත ජයවර්ධන සහ ගාමිණි අමරසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ […]Read More

කොවිඩ් ආසාදිතයින් 337 ක් වාර්තා වේ.

අද දිනයේ කොවිඩ් ආසාදිතයින් 337ක් වාර්තාවීමත් සමගම මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 54,000 සීමාව ඉක්මවා ගොස් තිබේ. ඒ අනුව, මේ වනවිට මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 54,087කි. කොවිඩ් දෙවැනි රැල්ලේ ආරම්භයේ සිට අද (19) දක්වා කාලය තුළ මෙරටින් වාර්තා වු කොවිඩ් ආසාදිතයින් ගණන 50,000 ඉක්මවා ගොස් තිබේ. මේ වනවිට […]Read More

රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ආශ්‍රිතයන් 22 ක්

කොවිඩ් වෛරසය ආසාදනය වූ රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා, ඔහුගේ බිරිඳ සහ දියණිය කොග්ගල ප්‍රදේශයේ නිරෝධායන මධ්‍යස්ථානයක ප්‍රතිකාර සඳහා යොමුකර තිබේ. රාජ්‍ය අමාත්‍යවරයාගේ පුතුන් දෙදෙනා, රියදුරා, ආරක්ෂක නිලධාරීන් සහ ලේකම්වරුන්ට වෛරසය ආසාදනය වී නොමැති බව අද (19) සිදුකළ පරීක්ෂණවලදී තහවුරු වී ඇත. කෙසේවෙතත් අමාත්‍යවරයාගේ පළමු පෙළ ආශ්‍රිතයින් ලෙස හඳුනාගත් මන්ත්‍රිවරුන් ඇතුළු 22 දෙදෙනෙකුට ස්වයං නිරෝධායනයට […]Read More

රංජන් රාමනායක මහතා පාර්ලිමේන්තුවට ගන්නවාද නැද්ද?

රංජන් රාමනායක මහතා පාර්ලිමේන්තු සභාවාරවලට සහභාගි කරවනවා ද? නැද් ද? යන්න සම්බන්ධයෙන් තීරණය ලබාදීමට සති 3 ක කාලයක් අවශ්‍ය බව කතානායකවරයා අද සභාවට දැනුම් දී තිබේ. ඒ, විපක්ෂය නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි. පෙර පුවත් : රංජන් රාමනායක මන්ත්‍රී ආසනය අහිමි වන බවRead More

අත්අඩංගුවට ගත් අනුරාධපුර පොලිස් පරීක්ෂකවරයා රඳවාගෙන ප්‍රශ්න

අත්අඩංගුවට ගත් අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයට අනුයුක්ත පොලිස් පරීක්ෂකවරයා දින 7ක කාලයක් රඳවා ගෙන ප්‍රශ්න කිරීමට අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් ප්‍රසන්න සමරසිංහ මහතා අනුරාධපුර පොලීසියට අද  (19) අවසර දී තිබේ. මත්ද්‍රව්‍ය ජාවාරමකට අනුබල දීම සම්බන්ධයෙන් ඔහු අත්අඩංගුවට පත් වූයේ ඊයේ (ජනවාරි 18) උදෑසන 11.15 ට පමණ අනුරාධපුර ප්‍රදේශයේ දී ය. සැකකාර නිලධාරියා අද සවස අධිකරණය […]Read More

අභියාචනාධිකරණයේ නඩු කටයුතු වීඩියෝ තාක්ෂණය ඔස්සේ..

අභියාචනාධිකරණයේ නඩු කටයුතු වීඩියෝ තාක්ෂණය ඔස්සේ සිදුකිරීම මේ වන විට ආරම්භ කර තිබේ. ඒ අනුව අභියාචනාධිකරණයේ අධිකරණ කාමර 205, 110, 107 යන කාමරවලදී එම කටයුතු ඊයේ (18) දිනයේ දී සිදුකර ඇත. වැලිකඩ සහ අඟුණකොළපැලැස්ස යන බන්ධනාගාරවල සිට අන්තර්ජාලය හරහා අවශ්‍ය සම්බන්ධතාවයන් සිදුකර තිබේ. මේ අතර, අභියාචනා සිරකරුවන්ගේ නඩු ඇසීමට අභියාචනා අධිකරණ 04 ක් ඉතා කඩිනමින් […]Read More

අනුරුද්ධ පාදෙණිය මහතා ට එරෙහි අධිකරණ අපහාස

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා ට එරෙහිව ඉදිරිපත් කර ඇති පැමිණිල්ලක විභාගය මාර්තු මස 03 වනදා දක්වා කල් තැබීමට අභියාචනාධිකරණය නියම කළේය. අධිකරණයට අපහාස කළ බවට චෝදනා කරමින් එම පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ. එම පැමිණිල්ල අද (ජනවාරි 19) අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර සහ මායාදුන්නේ කොරයා යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල […]Read More

ගීකියනගේ නාගරික මන්ත්‍රී ට එරෙහි වරෙන්තුව ආපසු

අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත්කර සිටි කොළඹ මහ නගර සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාගරික මන්ත්‍රී කුලතිස්ස ගීකියනගේ මහතා ඇතුළු සැකකරුවන් 10 දෙනා අධිකරණයට ඉදිරිපත්වීමෙන් පසුව ඔවුන් වෙනුවෙන් නිකුත්කළ වරෙන්තු ආපසු කැඳවීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය. 2018 වසරේ කොලොන්නාව ඛනිජ තෙල් නීතිගත සංස්ථා පරිශ්‍රයට අයුතු ලෙස ඇතුළු වී නීතිවිරෝධි ජන රාශියක් වශයෙන් ක්‍රියාකළේ යැයි […]Read More