ඇහැළියගොඩ ඇඟලුම් කම්හලක සේවකයන් 43 දෙනෙකුට කොරෝනා..

ඇහැළියගොඩ දියුරුම්පිටිය ප්‍රදේශයේ පිහිටා ඇති ඇඟලුම් කම්හලක සේවය කරන, නිවෙස් නිරෝධායනය සඳහා යොමුකර සිටි 43 දෙනෙකු කොවිඩ් ආසාදිත බවට අද (නොවැම්බර් 27) හඳුනාගෙන තිබේ. මීට දින 3කට පෙර අදාළ පුද්ගලයන්ගේ PCR පරීක්ෂණවල ප්‍රතිඵල අද දිනයේ පැමිණීමත් සමග මේ බව හඳුනා ගැනිණ. මෙම ඇඟලුම් කර්මාන්ත ශාලාවේ 1200ක් පමණ පිරිසක් සේවය කරන අතර ඔවුන්ව පසුගියදා නිරෝධායන සඳහා යොමු […]Read More

මහනුවර මහ රෝහල් කාර්ය මණ්ඩලයේ දෙදෙනෙකුට කොරෝනා..

මහනුවර ජාතික රෝහලේ කාර්යමණ්ඩලයේ දෙදෙනෙකුට කොවිඩ් -19 වෛසරය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබේ. මහනුවර ජාතික රෝහලේ රෝහල් අධ්‍යක්ෂිකා, වෛද්‍ය ඉරේෂා ප්‍රනාන්දු මහත්මිය සඳහන් කළේ මෙම ආසාදිතයන්ගේ සම්බන්ධතාවයන් පිළිබඳව තවමත් අනාවරණය වී නොමැති බවය.  මහනුවර ජාතික රෝහලෙන් ඊයේ දිනයේ PCR පරීක්ෂණ 675ක් සිදුකර තිබූ අතර ඉන් 13 දෙනෙකුගේ වාර්තා කොවිඩ් ආසාදිත බවට හඳුනාගැණුනු අතර […]Read More

කොටි ප්‍රවර්ධනය කරමින් අන්තර්ජාලයේ ප්‍රචාරය කළ සිව්දෙනෙක්

කොටි සංවිධානය ප්‍රවර්ධනය වන ආකාරයෙන් මෙන්ම ජාතීන් හා ආගම් අතර අසමගිය ඇති වන ආකාරයේ ප්‍රකාශ අන්තර්ජාලය ඔස්සේ ප්‍රචාරය කළ පුද්ගලයින් සිව්දෙනෙකු එරාවුර් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේය.Read More

ශානි වෙනුවෙන් ලසන්තගේ දියණියගෙන් නීතිපති වෙත ලිපියක්

මේ වන විට රක්ෂිත බන්ධනාගාරගතව සිටින හිටපු අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ (CID) අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා සැලකීම සම්බන්ධයෙන් ඝාතනයට ලක්වූ කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතාගේ දියණිය සහ බරපතල අපරාධවලට ගොදුරු වූවන්ගේ පවුල් කිහිපයක් නීතිපති වෙත ලිපියක් යවා තිබේ. පරස්පර විරෝධී ප්‍රකාශ සහ චෝදනා පදනම් කරගෙන අබේසේකර මහතා සිරගත කර ඇති බව නිරීක්ෂණය කරන අහිම්සා වික්‍රමතුංග මෙනෙවිය ඇතුළු […]Read More

ජනපති රාමඤ්ඤ නිකායේ අභිනව මහ නාහිමියන් බැහැදකියි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රි ලංකා රාමඤ්ඤ මහා නිකායේ අභිනව මහා නායක අතිපූජ්‍ය මකුලෑවේ විමල නා හිමියන් බැහැ දුටුවේය. උන්වහන්සේ වැඩ වෙසෙන මීරිගම, මිණිඔලුව, විද්‍යාවාස පිරිවෙන වෙත අද (නොවැම්බර් 27) පෙරවරුවේ ගිය ජනාධිපතිවරයා අභිනව මහා නා හිමියන් වෙත සිය සුභාශිංසන පුද කළේය. ශාසනික, ආගමික සහ ජාතික වශයෙන් රාමඤ්ඤ මහා නිකායෙන් සිදු වන සේවය අගය කළ […]Read More

හිස්බුල්ලාගේ විශ්ව විද්‍යාලය රජයට පවරා ගන්නවා..

පසුගිය කාලයේ මහත් ආන්දෝලනයට ලක්වූ හිටපු ආණ්ඩුකාර එම්.එල්.එම්.ඒ. හිස්බුල්ලා මහතාට අයත් මඩකලපුව කැම්පස් විශ්ව විද්‍යාල ආයතනය රජයට පවරාගන්නා බවත්, ඉන්පසු එය රජයේ විශ්ව විද්‍යාලයකට අනුබද්ධ කරන බවත්, අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා අද (නොවැම්බර් 27) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය. සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය කවින්ද ජයවර්ධන මහතා විසින් විමසන ලද පැනයකට පිළිතුරු දෙමින් […]Read More

බදියුදීන්ට නිරෝධායනය සඳහා සුපිරි හෝටලයක්..

අත්අඩංගුවේ පසුවන රිෂාඞ් බදියුදීන් මන්ත්‍රීවරයා නිරෝධායනය සදහා ගල්කිස්ස ප්‍රදේශයේ හෝටලයකට යොමු කර තිබේ. ඉකුත් 25 වනදා මන්තී‍්‍රවරයාට ඇප හිමි වුණත් නිරෝධායනයට යොමු කිරීමට වෙනත් ස්ථානයක් නම්කරන තෙක් ඔහු ඊයේ දිනය දක්වා මැගසින් බන්ධනාගාරයේ රඳවා තැබිණ. රිෂාඞ් බදුර්දීන් මන්තී‍්‍රවරයා වෙනත් ස්ථානයක නිරෝධායනයට යොමු කරන ලෙසටද ඔහුගේ බිරිද විසින් විපක්‍ෂ නායකවරයා දැනුවත් කෙරුණු අතර ඒ අනුව විපක්‍ෂ […]Read More

තවත් 410 දෙනෙක් කොරෝනාව පරදවති..

කොරෝනා වෛරසය ආසාදිතව රෝහල්වල නේවාසිකව ප්‍රතිකාර ලැබූ රෝගීන් 410 දෙනෙක් අද (නොවැම්බර් 27) සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ. සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ ශ්‍රී ලංකාව තුළ කොරෝනා ආසාදනයෙන් සුවය ලද පුද්ගලයන් සංඛ්‍යාව 16,266 දක්වා ඉහළ ගොස් ඇති බවයි.Read More

ශානි අබේසේකරගේ ජීවිතය අවදානමක..!

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතාගේ සෞඛ්‍ය තත්වය පිලිබඳ විශේෂ අනාවරණයක් කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේ ශානි අබේසේකර මහතාගේ ජීවිතය බරපතළ අර්බුදයකට ලක් කිරීමට ආණ්ඩුව කටයුතු කොට ඇතැයි අද ( නොවැම්බර් 27) පාර්ලිමේන්තුව අමතමින් ප්‍රකාශ කළේය. ඒ මහතාට කොරෝනා ආසාදනය වී ඇති බවත්, ඔහුට වෙනත් සෞඛ්‍යමය ප්‍රශ්න රැසක් ඇති තත්ත්වයක් […]Read More