සජිත් -චන්ද්‍රිකා විශේෂ හමුවක් ..

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (නොවැම්බර් 23) පස්වරුවේ හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය අතර විශේෂ හමුවීමක් සිදුව තිබේ. මෙම හමුව කෝවිඩ් -19 වසංගතය කේන්ද්‍ර කර ගෙන පැවැති අතර ඉදිරියේ ඇති අභියෝග සහ ඒවා ජය ගැනීමට ගත යුතු පියවර පිළිබඳව ද සාකච්ඡා කර තිබේ. ශ්‍රී ලංකාව සඳහා නිසි ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් ස්ථාපිත කිරීමේ වැදගත්කම […]Read More

මස්කෙළියේ කොරෝනා ආසාදිතයන් 07 දෙනෙක් හඳුනාගැනේ..

නුවරඑළිය මස්කෙළිය ප්‍රදේශයෙන් අද (23) දිනයේ කොවිඩ් ආසාදිතයින් 7 දෙනෙකු හඳුනාගත් බව මස්කෙළිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ඩී.චන්ද්‍රරාජන් මහතා පවසයි. ඒ අතරට එකම පවුලේ මව, පියා සහ දරුවන් දෙදෙනෙකු ද අයත් වන බව ඔහු ප්‍රකාශ කළේය. මොවුන්ට වෛරසය වැළඳී තිබෙන්නේ කොළඹ ප්‍රදේශයේ සිට දීපාවලි නිවාඩුවට පැමිණි ඔවුන්ගේ ඥාතීන්ගෙන් බව වාර්තා වේ. කොළඹ ප්‍රදේශයේ කරණවෑමියෙකු ලෙස සේවය […]Read More

දෙරණ – සිරස ගැටුමක්.. සිරසට වාරන නියෝගයක්

දෙරණ මාධ්‍ය ආයතනය මගින් “සිරසට වාරණයක්” යන හිසින් පහත පුවත පළ කර තිබේ. සිරස “නිව්ස් ෆස්ට්“අයත් MTV පෞද්ගලික සමාගම හරහා ජෝ(ර්)ජ් ස්ටුව(ර්)ට් හෙල්ත් පෞද්ගලික සමාගමට, එහි සභාපති දිලිත් ජයවීර මහතාට සහ එහි ඉහළ නිලධාරීන්ට එරෙහිව කිසිදු ආකාරයක අපහාසාත්මක පුවත් පළකිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය අද (23) වාරණ නියෝගයක් නිකුත් කර තිබේ. එම නියෝගය නිකුත් කළේ, […]Read More

ඉතාලියේ කොරෝනා ආසාදිතයන් ගණන ලක්ෂ 14 ඉක්මවයි.

සමස්ත ලෝකයම ගිල ගනිමින් පවතින කොරෝනා වසංගතය හේතුවෙන් ඉතාලියේ වෙසෙන ජනතාවගෙන් ලක්ෂ 14 කට වැඩි ප්‍රමාණයක් ආසාදිතයන් බවට පත්ව තිබේ. ඊයේ (නොවැම්බර් 22) එරටින් වාර්තා වූ නව ආසාදිතයන් ගණන 28,337 කි. එමගින් සමස්ත කොරෝනා ආසාදිතයන් ගණන 1,408,868 දක්වා ඉහළ නැංවීය. ඉතාලියේ සමස්ත කොරෝනා මරණ ගණන ඊයේ වන විට 49,823 කි. ආසාදිතයන් 553,098 ක් සුවය ලබා […]Read More

බුකර් සම්මානය ස්කොට්ලන්ත ලේඛක ඩග්ලස් ස්ටුවර්ට් හිමි

ස්කොට්ලන්ත ජාතිකයකු වන ඩග්ලස් ස්ටුවර්ට් රචනා කළ “ෂුගී බේන්” නමැති නවකතාවට බුකර් සම්මානය හිමි ව තිබේ. මද්‍යසාරවලට ඇබ්බැහි වූ දිළිඳු මවකට ජීවත්වීම සඳහා උපකාර කරන පිරිමි දරුවකු වටා ගෙතුණු කතාවක් මේ කෘතියට වස්තු බීජය වී තිබෙන අතර නවකතාවෙහි සඳහන් පිරිමි දරුවා එක්දහස් නවසිය අසූ ගණන්වල උපත ලද දරුවෙකි. “ෂුගී බේන්”, ඩග්ලස් ස්ටුවර්ට්ගේම ජීවිත කතාවය. එනිසා […]Read More

ලෝක වෙළෙඳපොලේ රන් මිල ඉහළ යයි.

ලෝක වෙළෙඳපොලේ රන් අවුන්සයක මිල මේ වන විට අමෙරිකානු ඩොලර් 1873.31 ක් ලෙස ඉහළ ගොස් තිබේ. පැවැති මිල වන්නේ අමෙරිකන් ඩොලර් 1860.37 කි. ගත වූ දින 4 තුළ රන් අවුන්සයක මිල ඩොලර් 13 කින් පමණ ඉහළ ගොස් තිබේ. කෙසේවෙතත්, නොවැම්බර් 09 වන දින රන් අවුන්සයක මිල ඩොලර් 1960.93 තරම් ඉහළ මට්ටමක පැවතිණ.Read More

ලොව විශාලතම දියමන්තිය.. රුසියාවෙන්..

ලෝකයේ විශාලතම දියමන්තිය වන දම් – රෝස දියමන්තිය ඩොලර් මිලියන 26.6 කට වෙන්දේසි වී තිබේ. රුසියාවෙන් සොයාගත් මෙම දියමන්තිය කැරට් 14.83 කින් යුක්ත වේ. එය ‘රෝස ආත්මය’ ලෙස නම් කර තිබේ.Read More

යුරෝපා කලාපයේ කොරෝනා තෙවැනි රැල්ල අත ළඟ..

එළඹෙන වසරේ මුල් භාගය වද්දී යුරෝපා කලාපයේ කොවිඩ් – 19 තුන්වන රැල්ලක් නිර්මාණය විය හැකි යැයි අනතුරු ඇඟවීම් පළ වී තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවිඩ් – 19 පිළිබඳ විශේෂඥවරයකු වන ඩේවිඩ් නබාරෝ විසින් මේ බව තහවුරු කර ඇති අතර, මේ වන විට අතිශය දරුණු ආකාරයෙන් ක්‍රියාත්මක වන දෙවැනි කොරෝනා රැල්ල පාලමය කිරීමට ද යුරෝපා කලාපයේ […]Read More

විදුලි බිල්පත් සහනය දීර්ඝ කරන්නැයි සංචාරක අමාත්‍යාංශය

සංචාරක අමාත්‍යාංශයේ ලේකම් එස්. හෙට්ටිආරච්චි මහතා විසින් ලංකා විදුලිබල මණ්ඩලයෙන් විශේෂ ඉල්ලීමක් සිදුකර තිබේ. ඒ සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි සංචාරක හෝටල් සහ වාසස්ථාන සඳහා ලබාදී ඇති විදුලි බිල්පත් සහනය තවත් මාස 6 කින් දීර්ඝ කරන ලෙස ය. කොවිඩ් – 19 වසංගත තත්ත්වයෙන් සංචාරක කර්මාන්තය බිඳවැටී ඇති අතර, එය මෙතෙක් යථා තත්ත්වයට පත්නොවීමේ තත්ත්වය සැලකිල්ලට ගනිමින් […]Read More

පාසල් ඇරඹුනද සිසුන්ගේ පැමිණීම ඉතා අවම මට්ටමක..

බස්නාහිර පළාතේ සහ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඇතැම් පාසල් හැර සෙසු දිස්ත්‍රික්කවල බොහෝ පාසල් අද (23) දිනයේ ආරම්භ කෙරිණ. නමුත් සිසුන්ගේ පැමිණීම ඉතා අවම මට්ටමක පැවති බව අප වාර්තාකරු පවසයි. වෘත්තිය සමිති පෙන්වා දෙන්නේ 6000ක් පමණ ඉගෙනුම ලබන පාසල්වල අද දිනයේ පැමිණ ඇත්තේ 100කටත් අඩු පිරිසක් බවයි. ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා‍ පවසන්නේ පාසල් […]Read More