විජේවීරගේ අන්තිම පැය..

පටබැඳිගේ දොන් නන්දසිරි විජේවීර හෙවත් රෝහණ විජේවීර නමින් ලෝකයා හඳුනාගෙන සිටි ඔහු මීට වසර 31කට පෙර එනම් 1989 නොවැම්බර් 13 වැනිද‌ා ඝාතනයට ලක්විය. ජනතා විමුක්ති පෙරමුණේ විප්ලවීය නායකයා වූ ඔහු මිය යන විට 49 වැනි වියේ පසු වූයේය. 1971 සහ 1987, 1989 සමයේ ලේ වැගිරීම් සහිත කැරලි දෙකකට පසුබිමේ සිට නායකත්වය සැපයූ ඔහු 1989 නොවැම්බර් […]Read More

LPL – 6 Galle Gladiators Vs Kandy

LPL විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ හයවැනි තරගය ලෙස ගාල්ල ග්ලැඩියේටර්ස් පිල සහ මහනුවර ටස්කර්ස් පිල අතර සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය ලැබූ ගාල්ල පිලේ නායක සහිඞ් අෆ්රිඩි පළමුව පන්දු යැවීම තෝරාගත්තේය.Read More

මහර රැඳවියන් 187 දෙනෙකු කොළඹ ගෙන එයි..

මහර බන්ධනාගාරයේ රඳවා සිටි  රැඳවියන්  187 දෙනෙකු කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ වෙනම ප්‍රදේශයක පිහිටි වෙන්  කරන ලද විශේෂිත ස්ථානයක් වෙත  රැගෙන ආ බව බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය. ඔවුන් සියලු දෙනා කොරොනා ආසාදිතයන් බව නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසීය.Read More

තිසරගේ විශිෂ්ට පිතිහරඹය හේතුවෙන් යාපනයට තවත් ජයක්..

Jaffna Stallions සහ Dambulla Vikings කණ්ඩායම් අතර අද (නොවැම්බර් 30) සවස ආරම්භ වූ LPL පස්වන තරගය ජය ගැනීමට Jaffna Stallions කණ්ඩායම සමත් විය. ලකුණු පුවරුව Jaffna Stallions – 218/7 පන්දුවාර 20 Dambulla Vikings – 152/10 පන්දුවාර 19.1 ඒ අනුව Jaffna Stallions කණ්ඩායම ලකුණු 66 කින් තරගය ජයග්‍රහණය කළ අතර, පන්දු 44 ක් තුළ නොදැවී ලකුණු […]Read More

අක්කරෛපත්තුව අධි අවදානම් කලාපයක් බවට පත් කෙරේ..

අක්කරෛපත්තු පොලිස් බල ප්‍රදේශය සෞඛ්‍ය අධි අවදානම් කලාපයක් ලෙස නම් කර තිබේ. පැතිර යන කොරෝනා වසංගත තත්ත්වය උත්සන්න වීම හේතුවෙන් මෙම පියවර ගත් බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයා ප්‍රකාශ කළේය.Read More

කොරෝනා මරණ ආදාහනය අනිවාර්ය කරමින් නිකුත් කළ

කොරෝනා ආසාදනයෙන් මරණයට පත්වන පුද්ගලයින්ගේ මෘත ශරීර ආදාහනය කිරීම අනිවාර්ය කරමින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනයක් බලරහිත කරන මෙන් ඉල්ලා ගොනුකර තිබුන පෙත්සම් අද (නොවැම්බර් 30) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සලකා බැලිණ. කොරෝනා ආසාදනයෙන් මිය යන පුද්ගලයින්ගේ මෘත ශරීර ආදාහනය කිරීමට රජය තීරණය කර තිබෙන්නේ එම වෛරසය තවදුරටත් ව්‍යාප්ත වීම අවම කොට මහජන සෞඛ්‍ය ආරක්ෂා කිරීමේ අරමුණින් […]Read More

මහර බන්ධනාගාරයේ සිද්ධිය හොයන්න පත් කළ පංච

මහර බන්ධනාගාරයේ ඇති වු සිද්ධිය විමර්ශන කර නිර්දේශ ඇතුළත් පූර්ණ වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා පංච පුද්ගල කමිටුවක් පත්කර තිබේ. අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා විසින් එම කමිටුව පත්කළ බව අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් එම්.එම්.පී.කේ මායාදුන්න මහතා විසින් දැනුම් දෙයි. එම කමිටුවේ සාමාජිකයින් පහතින් දැක්වේ. විශ්‍රාමික මහාධිකරණ විනිසුරු කුසලා සරෝජනී වීරවර්ධන මහත්මිය – සභාපති අධිකරණ […]Read More

ඝාතනය කළ පොලිස් කොස්තාපල්වරයාට උසස් වීමක්..

කොබෙයිගනේ පොලිස් වසමේ හාතලව ප්‍රදේශයේ දී වැලි ජාවාරම්කරුවෙකු විසින් ටිපර් රථයකට යටකර ජීවිතක්ෂයට පත්කළ කොබෙයිගනේ පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයා පොලිස් සැරයන් තනතුර සඳහා උසස් කර තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ එම පොලිස් කොස්තාපල්වරයා විසින් සිදුකළ සේවය වෙනුවෙන්, පොලිස්පතිවරයා විසින් එම උසස්වීම ලබා දී ඇති බව ය. […]Read More

තවත් රෝගීන් 558 දෙනෙක් කොරෝනාවෙන් සුවය ලබති..

තවත් කොරෝනා ආසාදිතයන් 558 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් තිබේ. ඒ අනුව ශ්‍රී ලංකාව තුළ මේ වන විට සුවය ලද සමස්ත කොරෝනා රෝගීන් සංඛ්‍යාව 17,560 ක් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේය.Read More

සුදර්ශනීට තවත් රාජ්‍ය අමාත්‍ය ධුරයක් හිමිවෙයි.

බන්ධනාගාර ප්‍රතිසංස්කරණ සහ සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මියට තවත් රාජ්‍ය අමාත්‍යධූරයක් ලබා දී තිබේ. ඒ අනුව ඇය ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරිය ලෙස දිවුරුම් දී ඇත.Read More