2024 වනවිටදී අර්තාපල් ,ලූනු සහ මිරිස් ආනයනය තහනම් කරනවා…

 2024 වනවිටදී අර්තාපල් ,ලූනු සහ මිරිස් ආනයනය තහනම් කරනවා…

2024 වර්ෂය වනවිටදී අර්තාපල් ,ලූනු සහ මිරිස් ආනයනය සම්පූර්ණයෙන්ම නතර කිරීමට කටයුතු කරන බවත්, එම බෝග මෙරට නිෂ්පාදනයට වැඩපිළිවෙළක් සකසා ඇති බවත් කෘෂිකර්ම ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ පවසයි.

කෘෂිකර්මාන්තයට අතරමැදියෙකුගේ බලපෑම් එල්ලවීම නිසා කෘෂි කර්ම අමාත්‍යංශයට විශාල අභියෝගයක් එල්ලවී තිබෙන බවත්,අතරමැදියාගෙන් ගොවියාත් පාරිභෝගිකයාත් බේරා ගැනීමට විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවත් ඇමැතිවරයා කියා සිටී.

ඇමැතිවරයා මෙසේ පැවසුවේ කෘෂිකර්ම අමාත්‍යාංශයේදී ඊයේ (09 වැනිදා) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

වී සහ බඩඉරිඟුවලට පමණක් නොව උඳු, මුං ඇට, කවුපි සහ කඩල යන බෝගවලටද අතරමැදියාගේ බලපෑම් එල්ලවී තිබෙන බව ඇමැතිවරයා පැවසුවේය. අතරමැදියා සියලු නිෂ්පාදන අඩුමිලට ගෙන වැඩි මිලට වෙළෙඳපොළට නිකුත් කිරීම නිසා පාරිභෝගිකයාට බරපතළ අසාධාරණයක් සිදුවන බවද ඔහු පවසයි.

වෙළෙඳපොළේ සහල් කිලෝවක මිල රුපියල් 115 ක් 120 ක් දක්වා ඉහළ යෑමට මෙම තත්ත්වය බලපා තිබෙන බවද ඔහු සඳහන්කරයි.

ගොවිජන සේවා මට්ටමින් ගබඩා ඉදි කිරීමට කටයුතු කරන බවත්,ගබඩා 150 ක් ඉදි කිරීම සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් ප්‍රතිපාදන ලැබී ඇති බවත්, උඳු, මුංඇට, රටකජු, තල ආදී නිෂ්පාදන ගොවියාගෙන් සාධාරණ මිලට ලබාගෙන සංචිත ලෙස පවත්වාගෙන යෑමට කටයුතු කරන බවද ඇමැතිවරයා කියයි.

අර්තාපල්,ලූනු සහ මිරිස් බීජ නිෂ්පාදන ගම්මාන තුනක් සැකසීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙමින් පවතින බවද ඇමැතිවරයා සඳහන් කරයි.

Abey Wardhana

http://reporter.lk/

Leave a Reply

Your email address will not be published. Required fields are marked *