හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අත්අඩංගුවට ගන්නැයි අධිකරණයෙන් වරෙන්තු

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කොළඹ මහාධිකරණය කොළඹ අපරාධ කොට්ඨාශයට අද වරරෙන්තු නිකුත් කළේය.
2015 වසරේ තරුණයෙකු පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තබා පහර දුන්නේ යැයි චෝදනා එල්ල වී සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය අද (10) දින අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන් මෙම වරරෙන්තුව නිකුත් කර තිබේ.