රාජ්‍ය ආයතන රැසක් ගුවන් හමුදාවට රුපියල් ලක්ෂ 90 ක් ණයයි.

රාජ්‍ය ආයතන රැසක් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට රුපියල් ලක්ෂ 90 කට අධික මුදලක් ගෙවිය යුතුව පවතින බව අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පවසයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අග්‍රාමාත්‍යවරයාට යොමු කරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් චමල් රාජපක්ෂ අමාත්‍යවරයා මේ බව පවසා ඇත.
රාජ්‍ය අමාත්‍යාංශ, රාජ්‍ය ආයතන 10ක් ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙන් ගුවන් සේවා පහසුකම් ලබා ගෙන තිබේ.
ඒ සඳහා රු 9,061,406.70ක වියදමක් දරන්නට සිදුව ඇති අතර මේ මුදල් අයකර ගැනීම සඳහා ගුවන් හමුදාව විසින් පියවර රාශියක් ගෙන ඇත.
විවිධ අපහසුතාවයන් හේතුවෙන් අදාළ හිඟ මුදල් ගෙවීමට හැකියාවක් නොමැති බව ඇතැම් අමාත්‍යාංශවලින් මේ වන විට ගුවන් හමුදාවට දැනුවත් කර තිබෙන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.