එන්නත් මාත්‍රා ලක්ෂ 5ක් මේ මාසය තුළ

 එන්නත් මාත්‍රා ලක්ෂ 5ක් මේ මාසය තුළ

රජය ඇණවුම් කළ ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත් මාත්‍රා ලක්ෂ 5ක් මේ මාසය තුළ දිවයිනට ලැබෙන බව , රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව පවසයි.

එහි සාමාන්‍යාධිකාරී දිනූෂ දසනායක මහතා සඳහන් කළේ, ඉතිරි එන්නත් මාත්‍රා ලක්ෂ 05 ලබන මාසයේදී මෙරටට ලබාදීමට එම සමාගම එකඟ වී ඇති බවයි.

කොවිෂීල්ඩ් එන්නත් මාත්‍රා ලක්ෂ 15ක් ඉන්දීය සාමාගමෙන් ඇණවුම් කර ඇති අතර, ඉන් එන්නත් මාත්‍රා ලක්ෂ 05 ක් මේ වනවිට ලැබී තිබේ.

මේ අතර, කොවැක්ස් පහසුකම යටතේ ඇස්ට්‍රොසෙනිකා එන්නත් මාත්‍රා 264 000 ක් ද දිවයිනට ලැබී තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ, කොරෝනා මර්දන එන්නත් ලබාදීම අඛණ්ඩව සිදු කරන බවයි.

Abey Wardhana

http://reporter.lk/

Leave a Reply

Your email address will not be published. Required fields are marked *