දේශපාලන පළිගැනීම් ජනපති කොමිසම් වාර්තාව පාර්ලිමේන්තුවට..

 දේශපාලන පළිගැනීම් ජනපති කොමිසම් වාර්තාව පාර්ලිමේන්තුවට..

දේශපාලන පළිගැනීම් සිදුවීම් පිළිබඳව විමර්ශනය කරන ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ වාර්තාව අද (මාර්තු 09) පෙරවරුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණ.

ඒ අනුව සභානායක, අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් එම වාර්තාවේ සිංහල පිටපතේ මුල් වෙලුම් තුන සභාවට ඉදිරිපත් කළේය.

පාස්කු කොමිසමේ සහ දේශපාලන පළිගැනීම් කොමිසමේ වාර්තාවල සාක්ෂි සටහන් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා විසින් සභානායකවරයාගෙන් මෙහිදී ඉල්ලා සිටියේය.

මේ අතර, පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර විමර්ශනය කළ ජනපති කොමිෂන් සභා වාර්තාව

හෙට (මාර්තු 10) පාර්ලිමේන්තු විවාදය සඳහා ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

2015 සිට 2019 දක්වා කාලය තුළ සිදුවූ දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කිරීම සඳහා

2020 ජනවාරි මාසයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ත්‍රිපුද්ගල ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවක් පිහිටුවීය.

කොමිෂන් සභාව විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න, විශ්‍රාමලත් අභියාචනාධිකරණ විනිසුරු දයා චන්ද්‍රසිරි ජයතිලක, සහ විශ්‍රාමික පොලිස්පති චන්ද්‍රා ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත වේ.

2015 ජනවාරි 8 සිට 2019 නොවැම්බර් 16 දක්වා FCID, CID, පොලිසියේ විශේෂ විමර්ශන ඒකකය සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශනය කිරීමේ කොමිෂන් සභාව විසින් සිදු කරන ලද විමර්ශන වලින් අනතුරුව

සිදුවූ දේශපාලන හිංසනය පිළිබඳව විමර්ශනය කිරීමේ කාර්යය මෙම කොමිෂන් සභාවට පැවරුණු රාජකාරිය විය.

අදාළ කාල සීමාව තුළ දේශපාලනික හිංසනයට ගොදුරු වූ රාජ්‍ය නිලධාරීන්ගේ සිද්ධීන් ද කොමිසම විමර්ශනය කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *