ගෑස් මිල ඉහළ නංවන්නැයි ඉල්ලීමක් තිබෙනවා..

 ගෑස් මිල ඉහළ නංවන්නැයි ඉල්ලීමක් තිබෙනවා..

ගෑස් මිල ඉහළ නැංවිය යුතු බවට ගෑස් සමාගම් මගින් ඉල්ලීමක් කර ඇති බවට වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අමාත්‍ය මණ්ඩලයට දැනුම් දී තිබේ.

ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කළ නමුත් අවසන් තීන්දුවක් නොගත් බව සම කැබිනට් ප්‍රකාශක, වැවිලි අමාත්‍ය, රමේෂ් පතිරණ මහතා ප්‍රකාශ කළේය.

ගෑස් මිල වැඩි කළ යුතුද නැද්ද යන්න සම්බන්ධයෙන් විශ්ලේෂණයක් කර තීන්දුවක් ගැනීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ.

අමාත්‍ය රමේෂ් පතිරණ මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (9) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව අමතමිනි.

එහිදී අදහස් දැක්වූ සම කැබිනට් ප්‍රකාශක, බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසුවේ

ගෑස් මිල ඉහළ නංවන ලෙස ඉල්ලීමක් ඇති නමුත් බලශක්ති හෝ වෙළඳ අමාත්‍යාංශ මගින් මිල වැඩිකිරීමට තීරණයක් ගෙන නොමැති බවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *