ශ්‍රී ලංකික බෝට්ටු 3ක් මත්ද්‍රව්‍ය සමඟ ඉන්දියාවේදී අත්අඩංගුවට

 ශ්‍රී ලංකික බෝට්ටු 3ක් මත්ද්‍රව්‍ය සමඟ ඉන්දියාවේදී අත්අඩංගුවට

ශ්‍රී ලංකික බෝට්ටු 3ක් හෙරොයින් 200Kg ක් ,හෂීස් 60kg ක් සමග ඉන්දීය වෙරළාරක්ෂක බලකාය භාරයට ගෙන ඇතැයි, ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.

ද හින්දු වෙබ් අඩවිය අනාවරණ කළේ, ඉන්දීය වෙරළාරක්ෂක බලකා භාරයට ගත්, එම බෝට්ටු දකුණු ඉන්දීය තිරුවානාතපුරම් ප්‍රදේශයට රැගෙන විත් ඇති බවයි.

ඉන්දීය වෙරළාරක්ෂක බලකායට අයත් වර්ෂා නමැති නෞකාව මගින් මෙම බෝට්ටු සිය භාරයට ගෙන ඇති අතර, එම බෝට්ටු වල සිටි කාර්යමණ්ඩල සාමාජිකයින් ගණන 19 කි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, ආකර්ෂා දුව, චතුරාණී 3 , සහ චතුරාණි 8 යන ශ්‍රී ලාංකික බෝට්ටු තුනයි.

ආකර්ෂා දුව නැමැති බෝට්ටුවේ සිටි පුද්ගයින් පවසා ඇත්තේ, ලක්ෂාදීප් දිවයිනට නාවික සැතපුම් 400 ක් දුරින් වු මුහුදේදී පාකිස්ථාන බෝට්ටුවකින් තමන්ට හෙරොයින්, හෂීෂ් ඇතුළු මෙම මත්ද්‍රව්‍ය තොගය ලැබුණු බවයි.

Abey Wardhana

http://reporter.lk/

Leave a Reply

Your email address will not be published. Required fields are marked *