මියන්මාරයේ විරෝධතාවල නිතර තවත් ජීවිත දෙකක් වෙඩි උණ්ඩවලට බිලි වේ.

 මියන්මාරයේ විරෝධතාවල නිතර තවත් ජීවිත දෙකක් වෙඩි උණ්ඩවලට බිලි වේ.

මියන්මාරයේ සාමකාමී විරෝධතාවල නිතර පුද්ගලයින් දෙදෙනකුගේ තවත් ජීවිත දෙකක් අද හමුදා පාලකයින්ගේ වෙඩි උණ්ඩවලට බිලි වී තිබේ.

සිද්ධිය ඇසින් දුටුවන් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, මයිට්කිනා නගරයේ විරෝධතාවල නිරතව සිටි පුද්ගයින් පිරිසකට එල්ල වූ වෙඩි ප්‍රහාර අතරතුර මෙම පුද්ගලයින් දෙදෙනා ජීවිතකෟෂයට පත්ව ඇති බවයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව පසුගිය පෙබරවාරි 1 වනදා සිදු වූ හමුදා කුමන්ත්‍රණයට එරෙහිව විරෝධතා ආරම්භ කළ පිරිස අතර විරෝධතාකරුවන් 50ක් පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බව පැවසේ.

ඊයේ දිනය තුළ පමණක් විරෝධතාකරුවන් 41 දෙනෙකු හමුදා පාලකයින්ගේ අත්අඩංගුවට පත්ව තිබේ.

මේ අතර පසුගිය සෙනසුරාදා අත්අඩංගුවට පත් සුචිගේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ ජතික ලීගයේ ප්‍රචාරක කළමනාකරු වූ කිං මාං ලැට් පොලිස් අත්අඩංගුවේදී මිය ගොස් තිබේ.

Abey Wardhana

http://reporter.lk/

Leave a Reply

Your email address will not be published. Required fields are marked *