ප්‍රවීණ ගායන ශිල්පීන් කිහිපදෙනෙකුට කොවිඩ් එන්නත..

 ප්‍රවීණ ගායන ශිල්පීන් කිහිපදෙනෙකුට කොවිඩ් එන්නත..

ප්‍රවීණ ගායන ශිල්පීන් කිහිපදෙනෙකුට ද අද (මාර්තු 06) කොවිඩ් මර්දන එන්නත ලබා දී තිබේ.

අමරසිරි පීරිස්, සේනානායක වේරලියද්ද, ජානක වික්‍රමසිංහ සහ කරුණාරත්න දිවුල්ගනේ යන ප්‍රවීණ ගායන ශිල්පීන් එලෙස එන්නත ලබා ගෙන තිබේ.

මේ අතර යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාද නාරාහේන්පිට යුද හමුදා රෝහලේදී අද එන්නත ලබාගත්තේය.

යුද හමුදාපතිවරයා අද එන්නත ලබාගත්තේ යුද හමුදාවේ සෙසු නිලධාරීන් 62,000 කට එන්නත් කිරීමෙන් පසුවය.

මෙම අවස්ථාවට මෙරට ඉන්දීය මහකොමසාරිස්වරයා සහ මෙරට ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශකවරයාද එක්ව සිටියේය.

ඒ අනුව ඇස්ට්‍රාසෙනිකා එන්නත මේ වනවිට ලබාදී ඇති මෙරට සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 699,521 කි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *