කුරුදු සිගරට් නිෂ්පාදනයට දුම්කොළ අධිකාරිය එරෙහි වෙයි (VIDEO)

 කුරුදු සිගරට් නිෂ්පාදනයට දුම්කොළ අධිකාරිය එරෙහි වෙයි (VIDEO)

කුරුදු සිගරට් නිෂ්පාදනය වහාම නතර කරන්නැයි ලිඛිතව එම දේශීය නිෂ්පාදන සමාගමට දුම්කොළ සහ මධ්‍යසාර පිලිබඳ ජාතික අධිකාරිය දැනුම් දුන් බව අධිකාරියේ සභාපතිවරයා වන වෛද්‍ය ආචාර්ය සමාධි රාජපක්ෂ මහතා සඳහන් කරයි.

ඒ මහතා මෙම අදහස් පළ කර ඇත්තේ යූටියුබ් නාලිකාවක් සමඟ සාකච්ජාවකට එක්වෙමිනි.එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.“මේ රටේ ජනතාවගේ සෞඛ්‍ය, දුම්කොළ සහ මද්‍යසාර වලින් ආරක්ෂා කිරීමේ වගකීම අපගේ අධිකාරියට තිබෙනවා. අපේ පනතේ 2006 ඉඳලම තිබෙනවා, දුම්කොළ නිෂ්පාදනයක් සේ දර්ශනය වන දුම්කොළ නිෂ්පාදනයක් නොවන යම් ද්‍රව්‍යයක් කිසියම් තැනැත්තෙකු විසින් නිෂ්පාදනය කිරීම හෝ විකිණීම, විකිණීම සඳහා ආනයනය කිරීම හෝ නොමිලේ බෙදාහැරීම නොකළ යුතුය කියා. එම පනත පදනම් කරගෙන තමයි අපි කුරුඳු සිගරැට් නිෂ්පාදනය නතර කරන්නැයි ලිඛිතව එම සමාගමට දැනුම් දුන්නේ.“

Abey Wardhana

http://reporter.lk/

Leave a Reply

Your email address will not be published. Required fields are marked *