රනිල් මහින්ද බෙන්තොට දී විශේෂ සාකච්ඡාවක

 රනිල් මහින්ද බෙන්තොට දී විශේෂ සාකච්ඡාවක

රනිල් මහින්ද බෙන්තොට දී විශේෂ සාකච්ඡාවක..

හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය සතියේ බෙන්තොට ප්‍රදේශයේ දී අගමැති මහින්ද රාජපක්ෂ මහතා හමුවී තිබේ.

පුවත්පතකට අදහස් දක්වමින් හිටපු අගමැතිවරයා මිත්‍රශීලී කතාබහක් සඳහා අගමැති හමුවූ බව සනාථ කළේය.

“ඔව්, එය මිත්‍රශීලී හමුවීමක්. අපි දැන් කාලයක් තිස්සේ සාකච්ඡා කරමින් ඉන්නවා.

මට වගේ නෙවෙයි අනෙක් අයට පාර්ලිමේන්තුවේදී අගමැති හමු වෙන්න පුළුවන්.

මමත් රටේ ආර්ථිකය ගැන කතා කළේ ඔහු මුදල් ඇමතිවරයා නිසා. ” රනිල් වික්‍රමසිංහ අරුණ පුවත්පතට පවසා තිබේ.

හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාවේ විපක්ෂයට නායකත්වය දීමට වඩාත් සුදුසු පුද්ගලයා බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා මීට පෙර අවධාරණය කර තිබිණ.

ඩේලි මිරර් පුවත්පතට අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා පවසා ඇත්තේ එක්සත් ජාතික පක්ෂය පාර්ලිමේන්තුව නියෝජනය කළ හැකි වික්‍රමසිංහ හැර වෙනත් කිසිවෙකු නොමැති බවයි.

අගමැතිවරයාගේ අදහස වී ඇත්තේ..

දේශපාලනික වශයෙන් ගත් කල, ඔහුගේ පැමිණීම රජයට අහිතකර වුවද. රනිල් වික්‍රමසිංහ මහතා සුදුසුම පුද්ගලයා වන බව යි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *