ටොම් මූඩි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ අධ්‍යක්ෂ ධුරයට..

 ටොම් මූඩි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ අධ්‍යක්ෂ ධුරයට..

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ අධ්‍යක්ෂවරයා ලෙස හිටපු ඕස්‍ට්‍රේලියානු ක්‍රීඩකයෙකු මෙන්ම පුහුණුකරුවෙකුද වන ටොම් මූඩි මහතා පත්කර තිබේ.

ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයන්ට උපදේශන ලබාදීම ඔහුට පැවරෙන කාර්යභාරය වන අතර වසර තුනක කාලයක් සඳහා ඔහු සමග ගිවිසුම්ගත වී තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයක සඳහන් වන්නේ එම වසර තුනක කාලය තුළ ඔහු දින 300 ක නිවාර්ය පැවරුම ඉටු කිරීමට බැඳී සිටී.

නව ක්‍රිකට් අධ්‍යක්ෂකවරයාගේ රාජකාරි අතරට

  • අනාගත ක්‍රිකට් තරග සංචාර සම්බන්ධයෙන් විශ්ලේෂණය කිරීම,
  • දේශීය තරඟාවලි ව්‍යුහය සොයා බැලීම,
  • ක්‍රීඩක සුභසාධනය,
  • අධ්‍යාපනය සහ නිපුණතා සංවර්ධනය,
  • පුහුණු සහ සහායක කාර්ය මණ්ඩල ව්‍යුහය
  • ඉහළ කාර්ය සාධනය සහ දත්ත විශ්ලේෂණයන් කෙරෙහි අවධානය යොමු කිරීම ඇතුළත් වේ.

ටොම් මූඩි මීට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසද කටයුතු කර ඇති අතර,

ඔහුගේ පුහුණුකාරීත්වය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම 2007 වසරේ එක්දින ලෝක කුසලාන තරගාවලියේ අවසාන මහා තරගය දක්වා පැමිණියේය.

පසුගිය වසර කිහිපය පුරා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අර්බුද ගණනාවකට මුහුණ දී සිටින අතර,

එම අර්බුදයෙන් ගොඩ ඒම සඳහා දෙස් විදෙස් පුහුණුකරුවන් විශාල ප්‍රමාණයක් සේවයට බඳවා ගත්තේය.

කෙසේ නමුත් අර්බුදය උත්සන්න වීම හැර මෙරට ක්‍රිකට් ක්‍රීඩාව අර්බුදයෙන් ගොඩ ගැනීමට ඔවුන් කිසිවෙකුටත් නොහැකි විය.

පසුගියදා ශ්‍රී ලංකා වේගපන්දු පුහුණුකරු ලෙස චමින්ද වාස් බඳවා ගත් නමුත් දින කිහිපයක් තුළ ඔහු ඉල්ලා අස් විය. ක්‍රිකට් ආයතනය සඳහන් කළේ ඔහු අමතර ගාස්තුවක් ඉල්ලා සිටි නමුත් එය ප්‍රතික්ෂේප කිරීම නිසා ඔහු ඉල්ලා අස් වූ බවයි. කෙසේ නමුත් ක්‍රිකට් ක්ෂේත්‍රයේ පැතිර යන ආරංචිවලට අනුව නම් වාස් ඉල්ලා තිබෙන්නේ මීට පෙර හිටපු වේගපන්දු පුහුණුකරුට ලබාදුන් වටිනාකම තමාටද ලබාදෙන ලෙසයි. එය නොලැබුණු නිසා ඔහු ඉල්ලා අස්වීමට තීරණය කර තිබිණ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *