කොරෝනා සමග සටන් කළ PHI කොරෝනාවෙන් මරුට..

බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට අයත් පයාගල, පොතුවිල මහජන සෞඛ්‍ය පරීක්ෂක කොට්ඨාසයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීවරයා වශයෙන් සේවය කළ
රුචිත බණ්ඩාර මහතා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඩෙංගු රක්තපාත තත්ත්වය හේතුවෙන්
ඊයේ (27) දින දහවල් මියගොස් ඇතැයි කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ කළුතර දිස්ත්‍රික් කෝවිඩ්19 සම්බන්ධීකාරක වෛද්‍ය තුෂාර වාස් ගුණවර්ධන ප්‍රකාශ කර ඇත.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකු වශයෙන් 2016 වසරේ කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයෙන් වසර 5ක පුහුණුවෙන් පසුව
කළුතර සෞඛ්‍ය විද්‍යායතනය ට අනුබද්ධව බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකු වශයෙන් මියයන තෙක්ම
ඔහු සේවය කරමින් ඩෙංගු රෝගයේ මෙන්ම කොවිඩ් -19 වෛරසය පැතිරයාම වැළැක්වීමේ කටයුතුවලදී කැප වී සේවය කළ
තරුණ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙක් ලෙස ඉදිරි පෙළ සිටිමින් සිය රාජකාරි සිදුකළ බව වෛද්‍ය තුෂාර වාස් ගුණවර්ධන පැවසුවේය.
ඩෙංගු රෝගී තත්ත්වයෙන් දින 11ක කාලයක් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ඔහු පසුගිය වසරේ විවාහ දිවියට එක්වී ඇත්තේ ඖෂධ සංයෝජනක නිලධාරිනියක සමගනි.
විවාහයෙන් පසු කැලණිය ප්‍රදේශයේ පදිංචිව සිට ඔහු මිය යන තෙක්ම කැළණිය ප්‍රදේශයේ සිට බේරුවල ප්‍රදේශයට පැමිණ සිය රාජකාරි කටයුතුවල යෙදී සිටියදී මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත.
මියගිය මහජන සෞඛ්‍ය පරීක්ෂක රුචිත බණ්ඩාර මහතා විශේෂඥ වෛද්‍යවරයකු ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්රයට සම්බන්ධ සහෝදර සහෝදරියන් පස් දෙනෙකුගේ පවුලේ සාමාජිකයෙකි.
ඔහුගේ උපන් ගම වන බිබිල මැදගම ප්‍රදේශයට දේහය රැගෙන ගොස් අවසන් කටයුතු සිදු කරන බව පවුලේ ඥාතින් ප්‍රකාශ කර සිටී.
‘මව්රට නිව්ස්’