කවුරු මොනවා කිව්වත් රාජපක්ෂවරු නිසා තමයි මේ රට රැකුනේ.

 කවුරු මොනවා කිව්වත් රාජපක්ෂවරු නිසා තමයි මේ රට රැකුනේ.

කවුරු මොනවා කිව්වත් රාජපක්ෂවරු නිසා තමයි මේ රට රැකුනේ.

උඩුවේ ධම්මාලෝක හිමියන් එසේ ප්‍රකාශ කර ඇත්තේ අද (ජනවාරි 28) සති අන්ත පුවත්පතක් සමග සිදු කළ සම්මුඛ සාකච්ඡාවක දීය.

රාජපක්ෂවරුන් ශ්‍රී ලංකාවට සිදු කළ සේවය පිළිබඳව ධම්මාලෝක හිමියන් සඳහන් කර ඇත්තේ මෙසේය.

“කෙනකුට කියන්න පුළුවන් මේ හාමුදුරුවරු රාජපක්ෂවරුන්ට ගැති වෙලා කියලා.

නමුත් මම නම් කියන්නේ රාජපක්ෂවරු විනාශ කරනවා කියන්නෙ රට විනාශ කරනවා කියන එක.

කවුරු මොනවා කිව්වත් රාජපක්ෂවරු නිසා තමයි මේ රට රැකුනේ.

යුද්ධය අවසන් වූයේ රාජපක්ෂවරුන් බලයේ සිටිය නිසා.

ඒ වගේම අධිවේගී මාර්ග ඉදිකිරීමට 1960 ගණන්වල සිට කතා කළත් මුල් ගල් තැබූවත්

එය යථාර්ථයක් බවට පත් වූයේ රාජපක්ෂවරුන් බලයේ සිටි කාලයේ දී,

අපි අලූත් ගුවන් තොටුපළවල් වරායවල් දුටුවෙත් ඔවුන්ගේ කාලයේ දී.

ඇත්ත වශයෙන්ම අපට භික්ෂුන් වහන්සේලා විදියට ඔවුන්ගෙන් ලබාගන්න දෙයක් නැහැ.

ඉංග‍්‍රීසීන්ගෙන් පසුව මේ රට පාලනය කළ අනෙක් පාලකයන්ට සාපේක්ෂව බැලූවිට

රාජපක්ෂවරුන් යටතේ මේ රටට විශාල සේවයක් සිදුවී තිබෙනවා.

එම කටයුතු කඩාකප්පල් කිරීම ස`දහත් මූලධර්මවාදීන් රාජ්‍ය නොවන සංවිධාන කටයුතු කළත් ඔවුන් සෑමවිටම සාර්ථක වූයේ නැහැ.

රාජ්‍ය නොවන සංවිධාන කියන්නේ සුද්දන් විසින් මේ රටට දාපු පිළිලයක්.

ඔවුන්ගේ කි‍්‍රයා කලාපය නිසා කි‍්‍රයාත්මක කිරීමට ගිය සමහර වැඩපිළිවෙලවල්

අවසන් මොහොතේ නතර වී තිබෙනවා.

එම නිසා අපේ පාලකයන් දැනගන්න ඕන එම සංවිධානවලට

තවදුරටත් කි‍්‍රයාත්මක වීමට ඉඩ දුන්නොත් එම සංවිධාන විසින් ඔවුනුත් විනාශ කරන බව.

එම කනගාටුදායක තත්ත්වයේ සලකුණු දැනටමත් හොඳින් පේන්න තිබෙනවා.
 
 මේ අවස්ථාවේදී මම තවත් කරුණක් ස`දහන් කළ යුතුයි බොහොම නිහතමානීව.

මම මේ වගේ කාරණා ප‍්‍රසිද්ධියේ කියන්නත් කැමති නැහැ.

නමුත් දැන් උද්ගතවී ඇති තත්ත්වය අනුව මේවා නොකියත් බැහැ.

අපේ රටේ හාමුදුරුවරුන් එම කරුණ පිළිබ`දව බොහොම ඉවසීමෙන් අවබෝධයෙන් කටයුතු කළ යුතුයි.

සමහර වෙලාවට අපිට ගහන්න පොලූ කපලා දෙන්නෙත් අපිමයි.

එය  කනගාටුවට කාරණයක්.

මේ රටේ ස්වාමීන් වහන්සේලාට නායකත්වය දෙන්න මහානායක හිමිවරුන් සිටිනවා.

සංඝ සභා තිබෙනවා.

ඒ වගේම ගුරු හාමුදුරුවරු සිටිනවා.

උන්වහන්සේලා මේ පිළිබ`දව පොඞ්ඩක් සැලකිලිමත් වුවහොත් හො`දයි කියන එක තමයි මට බොහොම නිහතමානීව යටහත්ව මහා සංඝයා වහන්සේලාගෙන් ඉල්ලා සිටින්නේ.

මොකද ඕන එකටයි එපා එකටයි සම්බන්ධ වීම වගේම

අපිට නොගැළපෙන දේට සම්බන්ධවීම තුළ සතුරාට විශාල අවස්ථාවක් ලබාදීලා තිබෙනවා.

එම නිසා මෙම මූලධර්මවාදී බලවේගවලට මුහුණ දීමට නම් සංඝයා වහන්සේලා ටිකක් විමර්ශනශීලී විය යුතුයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *