ඕස්ට්‍රේලියාවේ බස් රියදුරුකම් කරන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෝ..

 ඕස්ට්‍රේලියාවේ බස් රියදුරුකම් කරන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෝ..

ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයේ බස් රියදුරන් ලෙස කටයුතු කරන ක්‍රිකට් ක්‍රීඩකයන් තිදෙනෙකු පිළිබඳව

පසුගියදා ඕස්ට්‍රේයානු චැනල් 09 නාළිකාව විසින් විකාශය කළ පුවත පිළිබඳව මේ දිනවල ශ්‍රී ලාංකිකයන් අතර මහත් කතාබහට ලක් වී තිබේ.

ඒ ශ්‍රී ලාංකික හිටපු ක්‍රීඩකයන් දෙදෙනෙකුද බස් රියදුරන් ලෙස සේවය කිරීමයි.

මෙලෙස මෙල්බර්න් නගරයේ බස් රථ රියදුරන් ලෙස සේවය කරන්නේ

හිටපු තුන්ඉරියව් ක්‍රීඩකයෙකු වූ චින්තක ජයසිංහ සහ හිටපු දඟපන්දු යවන්නෙකු වූ සුරාජ් රන්දිව් යන දෙදෙනායි.

මීට අමතරව සිම්බාබ්වේ ජාතික කණ්ඩායම නියෝජනය කළ වෙඩින්ටන් ම්වයෙන්ගා නමැති ක්‍රීඩකයාද ඔවුන් සමග බස් රියදුරන් ලෙස කටයුතු කරයි.

ප්‍රවේගකාරී පිතිකරුවෙකු වන චින්තක ජයසිංහ 20/20 ජාත්‍යන්තර තරග 05 කදී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ අතර

ඉනිම 03 කදී ඔහුට රැස්කර ගත හැකි වූයේ ලකුණු 49 ක් පමණි.

චින්තකට වඩා වාසනාවන්ත වූ සුරාජ් රන්දිව් ටෙස්ට් තරග 12 ක්,

එක්දින තරග 31 ක් සහ 20/20 තරග 07 ක් සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළේය.

ඔහු අවසන් වරට ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළේ 2016 වසරේදීය.

රන්දිව් සහ චින්තක බස් රියදුරු වෘත්තියේ නිරත වෙමින් මෙල්බර්න්හි ක්‍රිකට් තරග සඳහාද එක්වන බවයි වාර්තා වන්නේ.

බස් රථ ධාවනය වෘත්තියක් ලෙස ශ්‍රී ලංකාවේ හා ඕස්ට්‍රේලියාවේ හාත්පසින්ම වෙනස් නිසා ඔවුන් නිකන්ම නිකන් බස් ඩ්‍රැයිවර්ලා නොවනු ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *