පාස්කු ප්‍රහාරය පිළිබඳව කොමිසම් වාර්තාවෙන් මෛත්‍රීට එරෙහිව නිර්දේශ

 පාස්කු ප්‍රහාරය පිළිබඳව කොමිසම් වාර්තාවෙන් මෛත්‍රීට එරෙහිව නිර්දේශ

පාස්කු ප්‍රහාරය පිළිබඳව සොයා බැලීම සඳහා පත් කළ කොමිසමේ අවසන් වාර්තාව

ජනාධිපති සහකාර ලේකම් නීති කටයුතු ආචාර්ය හරිගුප්තා රෝහණධීර මහතා විසින් අද (පෙබරවාරි 23) කතානායකවරයා වෙත භාර දී තිබේ.

ඉන් අනතුරුව පාස්කු ප්‍රහාරය පිළිබඳව වාර්තාවේ බව පැවසෙන පිටු කිහිපයක්  පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු සිටි ටිව්ටර් ගිණුමේ පළකර තිබිණ.

ඔහු පවසන්නේ  පාර්ලිමේන්තු පුස්තකාලයේදී එම වාර්තාව කියවීමෙන් පසු මෙම පිටු වල ඡායාරූප සිය ට්විටර් ගිණුමේ පළ කළ බවයි .

එහි 265 වන පිටුවේ දැක්වෙන ආකාරයට පාස්කු ප්‍රහාරයට අදාළව හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේනට එරෙහිව 

අපරාධ චෝදනා ගොනු කරන ලෙස පාස්කු කොමිසම විසින් නීතිපතිවරයාට නිර්දේශ කර තිබේ.

වැඩිදුරටත් දැක්වෙන්නේ දණ්ඩ නීති සංග්‍රහයේ කුමන හෝ ප්‍රතිපාදනයක් යොදාගනිමින් හිටපු ජනාධිපතිවරයාව පාස්කු ඉරිදා ප්‍රහාරයේ සැකකරුවෙකු ලෙස නම් කරන ලෙසයි.

සහරාන්ගෙන් හෝ ISIS  සංවිධානයෙන් ප්‍රහාරයක් එල්ලවිය හැකි බවට පැහැදිලි බුද්ධි තිරතුරු ලැබී තිබියදී

හිටපු ජනාධිපතිවරයා ඉන්දියාවටත් ඉන්පසු සිංගප්පුරුවටත් ප්‍රහාරය එල්ලවන කාලයේදී

වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයෙකු පත් නොකර විදේශ ගත වීම නිසා මෙලෙස චෝදනා ගොනු කරන ලෙසයි වාර්තාවේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *