පාකිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර ද්වීපාර්ශවික වෙළෙඳ ගිවිසුම් 5 ක්..

 පාකිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර ද්වීපාර්ශවික වෙළෙඳ ගිවිසුම් 5 ක්..

පාකිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර ද්වීපාර්ශවික වෙළෙඳ ගිවිසුම් පහකට අත්සන් තබා තිබේ.

පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතාගේ දෙදින නිල සංචාරයට සමඟාමීව ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ආර්ථික වශයෙන් වැදගත් ගිවිසුම් පහකට

අද 2021.02.23 දින පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී අත්සන් තැබිණි.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා ප්‍රමුඛ දෙරටේ නියෝජිතයෝ මෙම අවස්ථාවට එක්ව සිටියහ.

අප රට සහ පාකිස්තානය අතර අත්සන් කළ ද්විපාර්ශවික ගිවිසුම් පහතින් දැක්වේ.

  1. සංචාරක සහයෝගීතාව පිළිබඳව පාකිස්ථානය සහ ශ්‍රී ලංකාව අතර අවබෝධතා ගිවිසුම.
  2. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සහ පාකිස්තාන ආයෝජන මණ්ඩලය අතර සහයෝගිතාව පිළිබඳ අවබෝධතා ගිවිසුම.
  3. ශ්‍රී ලංකා කාර්මික තාක්‍ෂණ ආයතනය (ITI) සහ පාකිස්තාන කරච්චි විශ්වවිද්‍යාලය අතර අවබෝධතා ගිවිසුම.
  4. කොළඹ කාර්මික තාක්ෂණ ආයතනය සහ ඉස්ලාමාබාද් හි කොම්සැට්ස් (COMSATS) විශ්වවිද්‍යාලය අතර සහයෝගීතාව.
  5. කොළඹ විශ්වවිද්‍යාලය සහ පාකිස්තානයේ ලාහෝර් ආර්ථික විද්‍යාලය අතර අවබෝධතා ගිවිසුම.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *