පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් දිවයිනට පැමිණේ.

 පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් දිවයිනට පැමිණේ.

පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා ඇතුළු දූත පිරිස පාකිස්තාන ගුවන් හමුදාවට අයත් විශේෂ ගුවන් යානයකින්

අද (23) සවස 4.00ට පමණ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.

එහිදී ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් පාකිස්තානු අග්‍රාමාත්‍යවරයාව උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.

පාකිස්තාන අග්‍රාමාත්‍ය ඛාන් මෙරටට පැමිණියේ දෙදින නිල සංචාරයක් සඳහා ය. 

පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා සමග පැමිණ සිටින දූත පිරිස 40 දෙනෙකි.

එමෙන්ම පාකිස්තානු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා වෙත හමුදා උත්තමාචාර පැවැත්වීමද ගුවන්තොටුපොළ පරිශ්‍රයේදී සිදු කෙරුණි.

පාකිස්තානු අග්‍රාමාත්‍යවරයා අරලියගහ මන්දිරය වෙත පිටත්ව යෑමෙන් පසු අග්‍රාමාත්‍යවරුන් දෙදෙනා අතර ද්විපාර්ශ්වික සාකච්ඡා සිදුකෙරේ.

අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍යවරුන් දෙදෙනා විසින් ඒකාබද්ධ මාධ්‍ය ප්‍රකාශයක් නිකුත් කිරීමටද නියමිතය.

සබැඳි :

 පකිස්ථාන අගමැති අද දිවයිනට

පකිස්ථාන අගමැති අද දිවයිනට

Leave a Reply

Your email address will not be published. Required fields are marked *