පකිස්ථාන අගමැති අද දිවයිනට

පකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන් මහතා දෙදින නිල සංචාරයක් සඳහා අද (23) දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.
සිය සංචාරය අතරතුර පකිස්ථාන අග්‍රාමාත්‍යවරයා වෙළඳ සහ ආයෝජන, සෞඛ්‍ය සහ අධ්‍යාපන, කෘෂිකාර්මික විද්‍යා හා තාක්ෂණ, ආරක්ෂාව, සංචාරක ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් පිළිබඳව සාකච්ඡා පැවැත්වීමට නියමිතය.
එසේම අවබෝධතා ගිවිසුම් කිහිපයකට අත්සන් තැබීමට ද නියමිතව තිබේ.