දේශපාලන පළිගැනීම් කොමිසමට එරෙහි පෙත්සම විභාගයට දින නියම කෙරේ.

 දේශපාලන පළිගැනීම් කොමිසමට එරෙහි පෙත්සම විභාගයට දින නියම කෙරේ.

දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයා බැලූ ජනාධිපති කොමිසම විසින් නිකුත්කර තිබෙන නිර්දේශයක් බලරහිත කරන ලෙස ඉල්ලා

ගොනුකර තිබෙන රිට් පෙත්සමක් සලකා බැලීමට අභියාචනාධිකරණය දින නියමකර තිබේ.

අදාළ රිට් පෙත්සමක් සලකා බැලීම සඳහා ලබන 01 වනදා කැඳවන ලෙස

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර සහ මායාදුන්නේ කොරයා යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල නියම කළ බව වාර්තා වේ.

දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ආර්. ආර්.රාසමානික්කම් මහතා ගොනු කළ පෙත්සමක් කැඳවීමෙන් අනතුරුව අභියාචනාධිකරණය මෙම නියෝගය කර තිබේ.

පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, එහි සභාපති, අධ්‍යක්ෂ මණ්ඩලය, දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බැලීමේ ජනාධිපති කොමිසමේ සාමාජිකයින් සහ බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ඇතුළු 14 දෙනෙකු නම් කර ඇති බව වාර්තා වේ.

සබැඳි : දේශපාලන පළිගැනීම සොයා බැලූ ජනාධිපති කොමිසමේ නිර්දේශයක්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *