චමින්ද වාස් මහතා ඉල්ලා අස්වුණ හේතුව කුමක්ද?

 චමින්ද වාස් මහතා ඉල්ලා අස්වුණ හේතුව කුමක්ද?

චමින්ද වාස් මහතා සිය ඉල්ලා අස්වීම ලබාදී ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පුහුණුකරුවන්ට ගෙවීම් සිදුකරන ක්‍රමවේදයෙන් පිටින් ගෙවීම් කළ නොහැකි නිසා බව

ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා අද (පෙබරවාරි 23) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු පුහුණුකරු ලෙස බඳවාගත් චමින්ද වාස් ඉල්ලූ පරිදි ගෙවීමක් සිදුනොකළ නිසා

ඔහු ඉවත්වීම ගැටලුවක් බවත් වෙනත් විදේශීය පුහුණුකරුවන්ට විශාල මුදලක් ගෙවද්දී ජාතික අනන්‍යතාවයකින් යුත්

චමින්ද වාස් මහතා වැන්නකුට එසේ ගෙවීම් නොකරන්නේ මන්දැයි සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා විමසූ පැනයකට පිළිතුරු දෙමිනි.

“මේ සඳහා ක්‍රමවේදයක් තියෙනවා.

අපිට ඕන විදයට ගෙවීම් කරන්න බෑ.

පුහුණුකරුවාගේ දක්ෂතාවය මිසක් ජාතිය, ආගම, කුලය අපි බලන්නේ නෑ.

ක්‍රිකට් ආයතනයට ඕනෑ විදියට ගෙවන්න බෑ.

ඒ ක්‍රමවේදය සඳහා යා යුතුයි.”

ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *