කොවිඩ් නව ප්‍රභේද 240ක් ඉන්දියාවෙන්

 කොවිඩ් නව ප්‍රභේද 240ක් ඉන්දියාවෙන්

කොවිඩ් වයිරසයේ නව ප්‍රභේද 240ක් ඉන්දියාවෙන් වාර්තා වී ඇතැයි එන්ඩීටීවී (NDTV) සහ ටයිම්ස් ඔෆ් ඉන්ඩියා (Times of India) ඇතුළු ඉන්දීය ජනමාධ්‍ය රැසක් වාර්තා කර ඇත. විශේෂත්වය වන්නේ මෙම ප්‍රභේද 240ම මහරාෂ්ට්‍ර ප්‍රාන්තයෙන් වාර්තා වී තිබීමයි.

මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ කොවිඩ් කර්ය සාධක බළකායේ සාමාජික වෛද්‍ය ශොන්ත් ජෝෂි ප්‍රකාශ කර ඇති ආකාරයට පසුගිය සතියේදී ප්‍රාන්තයේ ආසාදිතයන් සංඛ්‍යව නැවත වතාවක් සීග්‍ර ලෙස ඉහළ ගොස් ඇත. මහරාෂ්ට්‍ර ප්‍රාන්තයට අමතරව කේරළ, මධ්‍ය ප්‍රදේශ්, චට්ටිස්ගාර් සහ පන්ජාබ් යන තවත් ප්‍රාන්ත 04කද ආසාදිතයන් සංඛ්‍යාවද මෑතකදී සැලකිය යුතු ලෙස ඉහළ​ ගොස් තිබේ. කෙසේ වෙතත් ඉන්දීය රජයේ එන්නත්කරණ වැඩසටහන යටතේ පළමු අදියරේදී සෞඛ්‍ය හා වෙනත් ඉදිරි පෙළ වෙනත් සේවකයන් කෝටි 03කට එන්නත ලබාදීම සැලසුම් කර ඇත. ඉන් අනතුරුව වයස අවුරුදු 50ට වැඩි හෝ විවිධ රෝගාබාධ සහිත කෝටි 27ක ජනතාවකට එන්නත ලබාදීමට සැලසුම් කර තිබේ.

Abey Wardhana

http://reporter.lk/

Leave a Reply

Your email address will not be published. Required fields are marked *