ලිලිපුට්ටන්ගේ වසුරු මැදින්,භින්නරුචික ලොවට යායුතුය

 ලිලිපුට්ටන්ගේ වසුරු මැදින්,භින්නරුචික ලොවට යායුතුය

ලිලිපුට්ටන්ගේ වසුරු මැදින් ,භින්නරුචික ලොවට යායුතු ය..

May be an image of 5 people, people standing and indoor

මේ සේයාරුව සිව්වසරකට පෙර වික්ටර් රත්නායකගේ ප්‍රසංගයක් අවසානයේ ගන්නා ලද්දකි.

අහම්බෙන් එහි පසුබිමේ මා ගුරුදෙවි සම්මානිත මහාචාර්ය ජේ.බී දිසානායකයෝය.

ආදරවන්තයන්ගේ දිනදී එතුමන් ඇමතීමී.

ඒ ප්‍රබෝධමත්ව වියපත් වීමේ රහස ඇසීමට නොව , දෙගල්දොරුව විහාරයේ සිත්තමක් පිලිබදව සැගවුනු තතු හෙළිකරගැනීමටය.

(ඒ රහස නුදුරේම මගේ යූටියුබයෙන් හෙළි කරමි.)

ප්‍රිය දූන් වන මධුභාෂණියගේ කොවිඩ් තහංචියට මැදිව ආගන්තුකයින් බැහැ දැකීම

වාරණයට ලක්ව සිටින මුත් , නුගේගොඩ වෙසෙන ඒ මහාර්ඝ ජාතික සම්පත සුරැකීම ගැන ඇය අගයමි.

සමවයස් පසු කර යන යුග දෙකක් ආනන්දයෙන් සහ පුහුදුන් නුවණින් සැනසූ මේ සුවිසෙස් විසල් පිරිමින් හට අප සමාජය ප්‍රතිචාර දක්වනයුරු උපේක්ශාවෙන් යුතුව නරබමි.

නව විවාහය,පල්ලියට යාම,වෙනුවෙන් වික්ටර් පූජාසනයෙන් ඇද වැටී ඇත.

අප බොහෝ දෙනාට ලෝදහම් ගීකැටි ලෙස බෙදූ මහැදුරු සුනිලුන්ද , සාහිත කතිකා වලින් බැහැරව හුදකලා ව්‍රතයකය.

ජේ.බී. සර් සිය නවතම දැවැන්ත පරීක්ෂණ ග්‍රන්ථයේ නිමාව දකිමින් සිටී.

“අසාරේ සාර මතිනෝ සාරේ චාසාර දස්සිනෝ…..සරු දේ නිසරු ලෙසත් ,නිසරු දේ සරු ලෙසත් දකින්නෝ ,සරු දෙයක් නොලබති”

කලකට ඉහත මේ වේලාවටම ආනන්දයේ මයික්‍රෆෝනයට මා කියවූ ඒ වදන් නැවත සිහි ගැන්වෙයි. වික්ටර්,ජේබී,සුනිල් ආරියරත්න මුහුණු ඇදී බොදවී යයි.

ඇස්පුප්පා සයිමන් ගැන ජේ.එච් ගැන කියන ආචාර්ය ජයලාල්ද නොඑන්නට ගොසිනි.

ලිලිපුට්ටන්ගේ වසුරු මැදින් ,භින්නරුචික ලොවට යායුතුයැයි, එලාමය සන් කරයි.

ඉදින් ….මම වැඩට යාමට ඇදෙන් බසිමි.

කිංස්ලි රත්නායක

Leave a Reply

Your email address will not be published. Required fields are marked *