ඉදිරි වසර තුන තුළ සහල් මිල රු.100 ඉක්මවා යන්න දෙන්නෙ නෑ.

 ඉදිරි වසර තුන තුළ සහල් මිල රු.100 ඉක්මවා යන්න දෙන්නෙ නෑ.

ඉදිරි වසර තුන තුළ කැකුළු,නාඩු සහ සම්බා සහල් කිලෝවක මිල රු.100 ඉක්මවා යෑමට ඉඩ නොතබන බව වෙළෙඳ අමාත්‍ය බන්දුල  ගුණවර්ධන මහතා පැවසුවේය. 

කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ ආදායම් අඩු වීමත් සමඟ  සහනයක් ලෙස මෙම පියවර ගන්නා බව අමාත්‍යවරයාගේ අදහසයි.

මෙහිදී පාරිභෝගික ජනතාවට ගොවියාටද සාධාරණ මිලක් ලබා දෙමින් තෙත වී කිලෝවක් රු 44කට,

නාඩු කිලෝවක් රු 50ක් හා සම්බා කිලෝවක් සඳහා රු 52ක් ලෙස නිශ්චිත මිලක් නියම කර ඇති අබ්වයි අමාත්‍යවරයා කියාසිටියේ. 

සහල මාෆියාවක් ඇතිකිරීම සඳහා මෙම මිලට වඩා වැඩි මිලට මිලදී ගත්තද, ඉදිරි වසර තුන තුළ

රු. 100ට වඩා වැඩි මිලට සහල් අලෙවි කිරීමට ඉඩ නොතබන බව අමාත්‍යවරයා සඳහන් කළේය. 

අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ මඩකලපුව නගරයේ රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථා ශාඛාවක් විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. 

දැන දැනම  වැඩි මිලකට වී මිලදී ගන්නවා නම් ඔහු ඒ පාඩුව විඳගෙන ගොවියාට යහපතක් සලස්වා දීම සඳහා

පුණ්‍ය කටයුත්තක් ලෙස එය කරන බවට සිතා ගන්නා බවද මෙහිදී අමාත්‍යවරයා ප්‍රකාශ කරන ලදී. 

”පාරිභෝගික කටයුතු අධිකාරිය ලබන සතියේ සිට දීප ව්‍යාප්තව වැඩි මිලට

සහල් අලෙවි කරන සියලු වෙළෙඳසැල් වටලලා නඩු පැවරීමේ ක්‍රියාවලිය සිද්ද කරනවා.

අපිට පුළුවන් මේ සියල්ල විනාශ කරලා දාන්න.

අපිට පුළුවන් ඉන්දියාවෙන් පොන්නි සම්බා කියන හාල් වර්ගය ගෙනල්ල හොඳ හාල් වර්ගයක්  රු 85කට මුළු ලංකාව ම පිරෙන්න හාල් පුරවන්න.  එහෙම වුණාම ගොවියන්ට තමන්ගේ නිෂ්පාදනය විකුණ ගන්න බැරිවෙනවා. එතකොට මෝල් හිමියන්ටත් එතනින් පස්සේ ප්‍රශ්න ඇතිවෙනවා.” 

පසුගිය පාලන කාලයේ මෙන් වී අස්වැන්න කැපෙන කාලයටත් හාල් පිටරටින් ගෙන්වා වෙළෙඳපොළට මුදාහැරීමට හැකියාව තිබුණද වත්මන් ආණ්ඩුව පසුගිය වසරේ හාල් එක ඇටයක් හෝ ගෙන්වා නැති බවයි බන්දුල ගුණවර්ධන මහතා වැඩිදුරටත් කියාසිටියේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *