චමින්ද වාස් නැවතත් වේගපන්දු පුහුණුකරු තනතුරට පත්කෙරේ.

 චමින්ද වාස් නැවතත් වේගපන්දු පුහුණුකරු තනතුරට පත්කෙරේ.

චමින්ද වාස් යළිත් ජාතික කණ්ඩායමේ වේගපන්දු පුහුණුකරු තනතුර සඳහා පත්කර තිබේ.

ඔහු ශ්‍රී ලංකා කණ්ඩායමේ සිටි ප්‍රබලතම වේගපන්දු යවන්නා ය.

ඔහු මීට පෙර 2013 වසරේ මැයි මාසයේ සිට වසර දෙකක කාලයක් වේගපන්දු පුහුණුකරු ලෙස කටයුතු කර තිබේ.

ජාතික වේගපන්දු පුහුණුකරු ලෙස කටයුතු කළ ඩේවිඩ් සේකර් ඊයෙ සිය ඉල්ලා අස්වීම ක්‍රිකට් ආයතනය වෙත දන්වා තිබිණි.

පෞද්ගලික හේතුවක් මත ඔහු ඉල්ලා අස් වී ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව ඔහුගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ තනතුර සඳහා වාස් පත්කර තිබේ.

වාස් මීට පෙර නවසීලන්තය, අයර්ලයන්තය යන කණ්ඩායම්වලද වේගපන්දු පුහුණුකරු ලෙස කෙටිකාලීනව සේවය කර තිබේ.

චමින්ද වාස් ටෙස්ට් තරග 111 කදී සහ එක්දින තරග 322 කදී ශ්‍රී ලංකාව නියෝජන කළ අතර එහිදී ටෙස්ට් කඩුලු 355 ක් සහ එක්දින කඩුලු 400 ක් බිඳහෙළා තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *