වසර 5,000 ක් පැරණි බියර් කම්හලක්..

වසර 5,000 ක් පැරණි බියර් කර්මාන්ත ශාලාවක් පුරාවිද්‍යාඥයින් විසින් සොයාගෙන ඇතැයි ඊජිප්තුවේ සංචාරක හා පුරාවස්තු අමාත්‍යාංශය පවසයි.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, පුරාණ ඊජිප්තු නගරයක් වන අබිඩොස්හිදී ( Abydos ) මෙම බියර් කර්මාන්ත ශාලාව සොයා ගෙන ඇති බවයි.
වසර 5,000 කට පෙර ඊජිප්තුව පාලනය කළේ, නාර්මර් නම් රජ කෙනෙකු විසිනි.
අදාළ සොයා ගැනීම සිදු කළ, නිව්යෝර්ක් විශ්වවිද්‍යාලයේ ආචාර්ය මැතිව් ඇඩම්ස් ( Dr. Matthew Adams ) පවසන්නේ, ඊජිප්තුවේ රජවරුන් සඳහා රාජකීය සුසාන චාරිත්‍ර සඳහා බියර් භාවිතා කළ බව විශ්වාස කරන බවයි.
තවද ආචාර්ය මැතිව් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ, චාරිත්‍ර වාරිත්‍රවලදී බියර් භාවිතා කළ බවට ප්‍රදේශයේ මීට පෙර සිදු කළ කැනීම්වලින් සාක්ෂි ලැබී තිබෙන බවයි.

සොයා ගත් බියර් කර්මාන්ත ශාලාව බියර් නිෂ්පාදනය සඳහා විශාල කොටස් 8කට බෙදා ඇතැයි ද ,
ඒවායින් එක් එක් මැටි භාජන 40 ක් අඩංගු වන බව ද ඊජිප්තු පුරාවස්තු කවුන්සිලයේ මහ ලේකම් පවසයි.
ආචාර්ය මැතිව් පවසන්නේ , බියර් කර්මාන්ත ශාලාව තුළ වරකට බියර් ලීටර් 22,400 ක් පමණ නිපදවිය හැකි බව ය.
කොවිඩ් -19 වසංගතය හමුවේ ඊජිප්තුවේ සංචාරක කර්මාන්තයට පහරක් එල්ල වීමෙන් පසුව සංචාරකයින් නැවත ආකර්ෂණය කර ගැනීමට මෙම අලුතින් සොයාගත් කෞතුක වස්තු ප්‍රදර්ශනය කිරීමට ඊජිප්තු නිලධාරීන් උනන්දු වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.