යෝග්‍යතාවය නැති ක්‍රීඩකයන් සිව් දෙනෙකු වාර්තා වේ,

 යෝග්‍යතාවය නැති ක්‍රීඩකයන් සිව් දෙනෙකු වාර්තා වේ,

ශාරීරික යෝග්‍යතාවය පරීක්ෂණය සමත් වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයන් සිව්දෙනෙකු අසමත් වී ඇති බව වාර්තා විය.

සුගතදාස ක්‍රීඩාංගනයේ දී ඊයේ (පෙබරවාරි 12)

ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයන්ගේ ශාරීරික යෝග්‍යතාවය පරීක්ෂා කිරීම සඳහා මේ පරීක්ෂණය පැවැත්විණ.

කිලෝ මීටර් දෙකක් දිවීමේ පරීක්ෂණයක් පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඒ අනුව කටයුතු කර තිබිණ.

ඒ අනුව බටහිර ඉන්දීය කොදෙව් සංචාරය සඳහා සාමාජිකයින් 36 දෙනෙකුගෙන් යුත්

තාවකාලික සංචිත පුහුණුවෙන් ක්‍රීඩකයින් 32 දෙනෙකු මෙම පරීක්ෂණයට සහභාගී වූහ.

නව පරීක්ෂණය, ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ‘යෝග්‍යතාවය සහ විඳදරාගැනීම’ මට්ටම තීරණය කිරීමේ සම්මත ක්‍රමයක් වන අතර,

ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් අනුගමනය කරන ලද යෝ-යෝ ක්‍රමය වෙනුවට ආදේශ කරන ලදී.

නව පරීක්ෂණයට අනුව ක්‍රීඩකයින්ට කිලෝමීටර 2 ක දුරක් මිනිත්තු 8 යි තත්පර 35 ක කාල සීමාවක් තුළ ධාවනය කිරීමේ ඉලක්කයක් ලබා දී ඇත.

‘’ ඉදිරියට යමින්, අපි හොඳ අතට හැරී ලෝක මට්ටමේ බවට පත්වන විට ලකුණු සකස් කරමු.

පන්දු යවන්නන්ට, පිතිකරුවන්ට සහ කඩුලු රකින්නන්ට විවිධ කාල ඉලක්කයන් ලබා දෙනු ඇත. ’’

යනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් භෞතික කාර්ය සාධන කළමනාකරු ග්‍රාන්ට් ලුඩන් පැවසීය. \

“ක්‍රීඩකයෙකු අසමත් වුවහොත් ඔහුට දින 40 ක් ඇතුළත තවත් පරීක්ෂණයක් කළ හැකි අතර,

අපගේ අදහස වන්නේ විස්සයි 20 ලෝක කුසලානයට පෙර අවම යෝග්‍යතා ප්‍රමිතීන් ලබා ගැනීමයි.

එය මේ වසර අගදී පැවැත්වේ.” ලුඩන් තවදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *