නැගෙනහිර පර්යන්තය වසර දෙකහමාරකින් සංවර්ධනය කරලා පෙන්වන්නම්

 නැගෙනහිර පර්යන්තය වසර දෙකහමාරකින් සංවර්ධනය කරලා පෙන්වන්නම්

වසර දෙකහමාරක් තුළ කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය සංවර්ධනයකර අවසන් කිරීමේ වගකීම තමන් භාර ගන්නා බව වරාය ඉංජිනේරු සංගමය පවසයි.

ඒ සඳහා කිසිදු විදෙස් ආයෝජනයක් අවශ්‍ය නොවන බව ඔවුහු පෙන්වා දෙති.

ඊට අදාළ සවිස්තර වාර්තාවක් එළැඹෙන 20 වනදා ඊට අදාළ කැබිනට් කමිටුවට ඉදිරිපත් කරන බව ද ;

අද (ජනවාරි 18) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි නියෝජිතයෝ සඳහන් කළහ.

නැගෙනහිර පර්යන්තය සංවර්ධනය කරන හැටි අපි පෙන්වන්නම්!

“ආයෝජනය කරන්න ඕනේ කියන්නේ සාමාන්‍යයෙන් අපිට කරන්න බැරි දෙයකට ආයෝජනයක් කරන්න අවශ්‍යතාවයක් නෑ.

මොකද අපිට මේ ටර්මිනල් එකේ 1/3ක් පාවිච්චි කරන්න පුළුවන් දැනට තියෙන ක්‍රේන් තුනයි.

එතකොට මෙයින් අපට ලබාගන්න පුළුවන් ආදායම වසරකට ඩොලර් මිලියන 50ට වැඩියි. වර්ධනය වෙද්දි ඩොලර් මිලියන 250ට වැඩි ආදායමක් ලබන්න පුළුවන්.

අපි දැන් දීලා තියෙනවා ආයෝජනයට කියලා ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි.

අදටත් ඉතුරු තෙල් ටැංකි ගන්න බැහැ.

ඒ වගේ තත්ත්වයක් ඇතිවෙලා තියෙද්දිත් අපි දැනගන්න ඕනේ ඉන්දියාව කියන සතුරා ගෙනත් දාන්න හොඳ නැහැ.

ඉන්දියාව තරහා කරගන්න දෙයක් නෑ.

එයාලා යාළුයි හැමතිස්සෙම මොකද ඉන්දියාව වැඩිම අපනයනය කරන්නේ ලංකාවට.

කොහෙත්ම ඒ තුළ ඉඳගෙන අපිත් එක්ක තරහ වෙන්නේ නෑ.

අපි තරහ වුණොත් මිසක්.  

ජනපති නිලධාරීන් එක්ක කතාකරන්න අවසර දුන්නා.

අපේ තියෙන යෝජනා සිකුරාදා වෙනකොට දෙන්න කිව්වා. මේක අපිට කරන්න පුළුවන්.

වෙන රටකින් ණය ගන්න ඕනේ නෑ.

අපිට ඩොලර් මිලියන 100ක වගේ පොඩි ගාණකින් කරගෙන යන්න පුළුවන්.

ඩොලර් මිලියන 600ක් ඕනේ නෑ. මේ යන ක්‍රමවේදය තුළ ඊ.සී.ටී. පර්යන්තය තවමත් ක්‍රියාත්මකයි.

ඒ තුළ අපි ඉන්නවා.  අපි ඉන්නේ 100%ක් වරාය අධිකාරියෙන් කළයුතුයි.

අපි සැලැස්මක් දෙනවා කමිටුවට. අවුරුදු දෙකහමාරකින් හදලා ඉවර කරන්න පුළුවන්“

ශ්‍රී ලංකා වරාය ඉංජිනේරු සංගමයේ සභාපති ආර්.පී.පී. ක්‍රිෂාන්ත මහතා,

පෙර සබැඳි:

 නැගෙනහිර ජැටිය විදේශ ආයෝජකයෙකුට දීම ගැන සතුටු වෙනවා – මංගල

නැගෙනහිර ජැටිය විදේශ ආයෝජකයෙකුට දීම ගැන සතුටු

Leave a Reply

Your email address will not be published. Required fields are marked *