හැටන්-කොළඹ ප්‍රධාන මාර්ගයේ අහඹු PCR පරීක්ෂන වලින් ආසාදිතයන් 106 ක්.

 හැටන්-කොළඹ ප්‍රධාන මාර්ගයේ අහඹු PCR පරීක්ෂන වලින් ආසාදිතයන් 106 ක්.

හැටන්-කොළඹ ප්‍රධාන මාර්ගයේ සිදුකළ අහඹු PCR පරීක්ෂන වලදි කොවිඩ් – 19 ආසාදිතයන් 106 දෙනකු හමුවී ඇති බව අඹගමුව පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක කේ. කාමදේවන් පවසයි.

හැටන්-කොළඹ ප්‍රධාන මාර්ගයේ කලුගල මාර්ග බාධකයේ මාසයක පමණ කාලයක් තුළ සිදු කරන ලද අහඹු PCR පරීක්ෂනවලදි මෙම ආසාදිතයන් පිරිස හඳුනාගෙන ඇත.

මෙම මාර්ග භාදකයේදී PCR පරීක්ෂණ සිදු කර ඇත්තේ පිටස්තර ප්‍රදේශවල සිට නුවරඑළිය දිස්ත්‍රික්කයට පැමිනෙන පුද්ගලයන් ඉලක්ක කර ගෙනය.

එසේ කරන ලද අහඹු PCR පරික්ෂාවලදි හදුනාගත් එම ආසාදිතයන් කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කිරිමට පියවර ගෙන ඇත.

එසේ හමුවු කොවිඩ් ආසාදිතයන්ගෙන් වැඩි පිරිසක් අඹගමුව සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයේ බවත් තවත් පිරිසක් මස්කෙළිය, කොටගල, නාවලපිටිය යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවත් වාර්තා වේ.

Abey Wardhana

http://reporter.lk/

Leave a Reply

Your email address will not be published. Required fields are marked *