අනුරුද්ධ පාදෙණිය මහතා ඇන්ටිජන් පරීක්ෂාවකට ලක් කෙරේ.

විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා අද (15) සිය නිවසේදි ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණයකට ලක්කර තිබුණි.
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ සභාපතිවරයා ද වන අනුරුද්ධ පාදෙණිය මහතා කොවිඩ් ආසාදිත වෛද්‍යවරයෙකුගේ ආශ්‍රිතයෙක් ලෙස හඳුනාගෙන තිබිණ.
එයින් ඔහුට කොවිඩ් ආසාදනය වී නොමැති බවට අනාවරණ වී ඇත.
“එතුමාගේ ඇන්ටිජන් ටෙස්ට් එක නෙගටිව්.
8වෙනිදා නම් ඔය කියන නිරාවරණය වෙලා තියෙන්නේ අද 15 වෙනිදා.
දින 7 PCR එකටත් අද මුහුණ දුන්නා. එහි ප්‍රතිඵලත් ඉක්මණින් ලැබෙයි,”
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන්ද සොයිසා මහතා
පෙර පුවත : “මම නිවසේ ස්වයං නිරෝධායනය වෙමින් සිටිනවා”
