හිනිඳුම, තවලම සතිපොලෙන් කොරෝනා ආසාදිතයින් 23 ක්..

හිනිඳුම, තවලම සතිපොළ වෙළඳුන් 23 දෙනෙකු කොරෝනා ආසාදිතයින් බවට හඳුනාගෙන තිබේ.
සබැඳි පුවත : කොරෝනා සමාජ ව්‍යාප්තියක් වෙලා නැහැ
පසුගිය 12 වනදා වෙළඳුන් 83 දෙනෙකු PCR පරීක්ෂණවලට ලක් කරඇති අතර;
ඒ අතරින් එම ආසාදිතයින් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
ඔවුන් අද (14) දිනයේ ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට නියමිතය.
සති පොළ කිහිපයකින් කොරෝනා ආසාදිතයින් වාර්තාවීම සැලකිල්ලට ගනිමින් මෙලෙස වෙළඳුන් PCR පරීක්ෂණ සඳහා යොමු කිරීමට පියවර ගෙන තිබුණි.
මේ අතර නෙළුව ප්‍රදේශයෙන් කොවිඩ් -19 ආසාදිතයින් 08 දෙනෙකු හඳුනාගැනීම හේතුවෙන් නෙළුව සතිපොළ ඇතුළු ස්ථාන කිහිපයක අහඹු ලෙස තෝරාගත් පුද්ගලයින් පිරිසක් අද දිනයේ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සඳහා යොමු කෙරුණි.
මේ අතර,
වැල්ලවත්ත – යාපනය බලා ගමන් කළ බස් රථයක කොන්දොස්තර කොවිඩ් ආසාදිතයෙකු බවට තහවුරු වී ඇති බව වාර්තා වේ.
එසේ හඳුනාගෙන ඇත්තේ පෙරේදා (12) රාත්‍රියේ වැල්ලවත්ත සිට යාපනය බලා යන බස් රථවල රියදුරන්, කොන්දොස්තරවරු හා මගීන් ක්ෂණික ප්‍රතිදේහජනක පරික්ෂාවට යොමු කිරීමෙන් අනතුරුවෙනි.
එම පරීක්ෂාවේදී එක් බස් රථයක කොන්දොස්තරවරයෙක් හා මඩකලපු බලා යෑමට පැමිණ සිටි අයෙක් කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇත.