සෞඛ්‍ය නීති කඩ කළ ආයතන 473කට එරෙහිව නඩු

 සෞඛ්‍ය නීති කඩ කළ ආයතන 473කට එරෙහිව නඩු

සෞඛ්‍ය නීති කඩ කළ ආයතන 473කට එරෙහිව ඉදිරියේ දී නඩු පැවරීමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරයි.

මෙම ආයතන සෞඛ්‍ය අංශ විසින් නිකුත් කළ ගැසට් නිවේදනය අනුව ක්‍රියා නොකිරීම මෙම නඩු පැවරීමට හේතු වූ බව ඒ මහතා පවසයි.

‍මුහුණු ආවරණ නොපැළදීම සම්බන්ධයෙන් පුද්ගලයන් 9,000කට වැඩි පිරිසකට නඩු පවරා ඇති බව පොලීසිය පවසයි.

බස්නාහිර පළාතේ ඊයේ (13) සිදුකළ වැටලීම්වලින් අත්අඩංගුවටගත්, මුඛ ආවරණ නොපැළඳි පුද්ගලයෙකු කොවිඩ් -19 ආසාදිතයෙකු බවට හඳුනාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

Abey Wardhana

http://reporter.lk/

Leave a Reply

Your email address will not be published. Required fields are marked *