සොබාදහමට සමීපව තෛපොංගල් සමරමු.!

 සොබාදහමට සමීපව තෛපොංගල් සමරමු.!

සොබාදහමට සමීපව තෛපොංගල් සමරමු.!ලෝකවාසී සමස්ත හින්දු ජනතාව මහත් භක්තියෙන් සමරන තෛපොංගල් මංගල්‍යය නිමිත්තෙන් සුබ පැතුම් එක් කරන්නේ ඉමහත් ප්‍රීතියෙනි.

අස්වැන්න නෙලීමේ උත්සවය”යන අරුත ඇති තෛපොංගල් උත්සවය මනුෂ්‍ය වර්ගයාටත්, සතා සිවුපාවාටත්, සොබාදහමටත් මෛත්‍රීය, කරුණාව දැක්වීමේ උදාර පරමාර්ථයන්ට අනුව සැකසී තිබේ.

එමතු නොව, මහජනයා අතර සුහදත්වය මෙන්ම, අන්‍යෝන්‍ය අවබෝධය උදා කර ගත හැකි උග්තුංග අවස්ථාවක් ලෙසද තෛපොංගල් උත්සවය හදුනාගත හැක.

වසර 2000කට වඩා පැරණි මෙම උත්සවය ඔවුන්ගේ සංස්කෘතික අනන්‍යතාවය මනාව ඔප්නංවන අතර මනුෂ්‍යයා හා සොබා දහම අතර ඇති අවියෝජනීය සබැඳියාව ද, මිනිසුන් අතර ඇති එකමුතුව සහ ප්‍රජා හැඟීම නැවත ප්‍රාණවත් කොට අනාගත සාර්ථකත්වය සඳහා ආශිර්වාද ලැබීමේ බලාපොරොත්තුව සංකේතවත් කිරීම ද සනිටුහන් කරයි.

වර්තමානයේ සොබාදහමට එරෙහිව යාමේ අනිටු පලවිපාක සමස්ත ලෝකයම භුක්තිවිදීමින් සිටී.ලෝක ව්‍යසන රැසකට දොරගුලු විවරකොට ඇත්තේ මිනිසා විසින්මය.

සොබාදහමට වඩ වඩාත් සමීප වීමේ අවශ්‍යතාව දැඩිව දැනෙමින් තිබෙන වකවානුවක ,සොබාදහම හා බැදුනු තෛපොංගල් වැනි සංස්කෘතික උත්සව අවශ්‍යයෙන්ම වඩා අර්ථයක් එක් කරයි.

ලෝකයට අවශ්‍ය වන්නේ සංහිඳියාව ය.ඒ උදෙසා මානව සංහතියට පැවරී ඇති වගකීම අති මහත් ය.තෛපොංගල් උත්සවය ද ඒ උදෙසා පාලමක් බවට පත් කරගන්නේනම් ලෝකය වඩාත් සුන්දර වනු ඇත.

සජිත් ප්‍රේමදාස

විපක්ෂ නායක සහ සමගි ජනබලවේගයේ නායක

Image may contain: text that says "இயற்கையோடு நெருக்கமாக தை பொங்கலைக் கொண்டாடுவோம்! සොබාදහමට සමිපව තෙපොංගල් සමරමු MA Pongal >>>>>>>>>>>>>> Happy ..A OFFICE of SAJITH PREMADASA"

Abey Wardhana

http://reporter.lk/

Leave a Reply

Your email address will not be published. Required fields are marked *