සංචාරක එංගලන්ත පිල ලකුණු 8 ක් පිටුපසින්..

 සංචාරක එංගලන්ත පිල ලකුණු 8 ක් පිටුපසින්..

සංචාරක එංගලන්ත පිල සහ ශ්‍රී ලංකාව අතර පළමු ටෙස්ට් තරඟය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී අද ආරම්භ විය.
ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න අබාධයකට ලක් වීම හේතුවෙන් මෙම තරඟයේ නායකත්වය හිමි වුණේ දිනේෂ් චන්දිමාල්ටයි.
කාසිය වාසිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා නායකයා තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමටයි.
ශ්‍රී ලංකා කණඩායම පළමු ඉණිම ක්‍රීඩා කරමින් සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 135ක් පමණයි.
ඉන් අනතුරුව සංචාරක එංගලන්ත පිල තම පළමු ඉණිම ක්‍රීඩා කිරීම සඳහා පිටියට පැමිණි අතර;
දිනය නිමා වන විට කඩුලු දෙකක් පමණක් දැවී එංගලන්ත කණ්ඩායම ලකුණු 127ක් ලබාගෙන සිටියේය.
එංගලන්ත කණ්ඩායම ශ්‍රී ලංකාවට වඩා ලකුණු 8ක් පිටුපසින් සිටියි.
Joe Root* 66(115)
Jonny Bairstow 47(91)
හෙට තරඟයේ දෙවන දිනයයි.

සබැඳි පුවත : ශ්‍රී ලංකාවට මුහුණ දෙන එංගලන්ත ටෙස්ට් සංචිතය

සංචාරක එංගලන්ත පිල

දෙරට අතර මේ දක්වා ටෙස්ට් තරග 34ක් පවත්වා ඇති අතර 15ක් එංගලන්තය ජයගෙන තිබේ.

ශ්‍රී ලංකාව ජයගෙන ඇත්තේ, තරග 8ක් පමණි.

තරග 11ක් ජය පරාජයෙන් තොරව අවසන් විය.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී මීට පෙර අවස්ථා 5කදී කණ්ඩායම් දෙක තරග වැදී ඇති අතර ඉන් 2ක් ශ්‍රී ලංකාව ජයගෙන ඇත.

එක් තරගයක ජය එංගලන්තයට හිමි වූ අතර අනෙක් තරග දෙක අවසන් වූයේ ජය පරාජයෙන් තොරවයි.

අද දිනයේ සාරාංශයක්! සංචාරක එංගලන්ත පිල ඉදිරියෙන්..

සිය 50 වැනි අර්ධ ශතකය වාර්තා කළ නායක ජෝ රූට් ලකුණු 66ක් සහ ජොනී බෙයාර්ස්ටව් ලකුණු 47ක් ලබා නොදැවී කඩුල්ලේ රැඳී සිටී.

රූට් සහ බෙයාර්ස්ටව් අතර තෙවැනි කඩුල්ලට ගොඩ නැගී ඇති සබඳතාවය මේ වනවිට ලකුණු 110කි.

ලසිත් ඇඹුල්දෙණිය එංගලන්ත ඉනිමේ පළමු කඩුලු 2 දවා ගැනීමට සමත් විය.

ලකුණු 29ක් ලබාගත් දිනේෂ් චන්දිමාල් ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩිම ලකුණු ලබා ගත් පිතිකරුවා බවට පත්විය.

කුසල් පෙරේරා ලකුණු 20ක් ලබා ගත්තේය.

ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 27කට දැවී ගියේය.

ඩොම් බේස් කඩුලු 5ක් දවා ගත්තේය.

ස්ටුවර්ට් බ්‍රෝඩ් කඩුලු 3ක් දවා ගැනිමට සමත් විය.

මේ අතර ටෙස්ට් ක්‍රිකට් තරගවල අඛණ්ඩව සිව්වෙනි වරටත් ලකුණු නොලබා දැවී ගිය ශ්‍රී ලංකාවේ 3වන පිතිකරුවා බවට කුසල් මෙන්ඩිස් අද පත්විය.

ඒ, මෙම තරගයේ පළමු ඉනිමේදී කුසල් මුහුණදුන් දෙවන පන්දුවේදීම ලකුණු නොලබා පිටියෙන් ඉවත් විමත් සමගිනි.

මීට පෙර එලෙස දැවී ගිය ලංකාවේ පිතිකරුවන් තිදෙනා වන්නේ..

01.ගයි ඩි අල්විස් (1986-88)
02.නුවන් ප්‍රදීප් (2015)
03.නුවන් ප්‍රදීප් (2017)

මෙලෙස ලකුණු නොලබා අඛණ්ඩ සිව් වතාවක් දැවී ගිය, පිතිකරු ලැයිස්තුවේ නොම්බර 1 සහ 6 අතර සිටින ක්‍රීඩකයින්ගේ ලැයිස්තුව මෙසේය.

01.පන්කාජ් රෝයි (ඉන්දියාව) 1952 එංගලන්තයට එරෙහිව
02.ලෝරි මිලර් (නවසීලන්තය) 1953-54 දකුණු අප්‍රිකාවට එරෙහිව
03.මාර්ක් වෝ (ඔස්ට්‍රේලියාව) 1992 ශ්‍රී ලංකාවට එරෙහිව
04.කුසල් මෙන්ඩිස් (ශ්‍රී ලංකාව) 2021 දකුණු අප්‍රිකාව සහ එංගලන්තයට එරෙහිව

2 Comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *