බන්ධනාගාර ආශ්රිත ආසාදිතයින්ගෙන් සුවය ලද ගණන 4000ට ආසන්නයි.

ඊයේ (13) දිනය වන විට බන්ධනාගාර ආශ්රිත ආසාදිතයින්ගෙන් සුවය ලබා ඇති මුළු ආසාදිතයන් ගණන 3973 ක් වන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව වාර්තා කරන ලදී.
බන්ධනාගාර පොකුර ආශ්රයෙන් කොවිඩ් ආසාදිතයන් 4274 දෙනෙකු හඳුනා ගැනුණු අතර ඉන් 129 දෙනෙකු බන්ධනාගාර නිලධාරීන් වේ.
එමෙන්ම මේ වනවිට රෝහල් ගතව සිටින ආසාදිතයින් සංඛ්‍යාව 291ක් බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත.
තවද ඊයේ (13) දිනයේ වාර්තාවූ මරණයත් සමග බන්ධනාගාර කොවිඩ් පොකුර ආශ්රයෙන් වාර්තා වී ඇති සමස්ත මරණ සංඛ්‍යාව 08ක් බවට පත්ව තිබේ.