පාදෙණියගේ පාටියේ කොරෝනා රෝගීයෙක් – පාදෙණිය අතුරුදහන්

 පාදෙණියගේ පාටියේ කොරෝනා රෝගීයෙක් – පාදෙණිය අතුරුදහන්

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණියගේ නිවසේ පැවති ප්‍රිය සාදයකට සහභාගී වූ මිනුවන්ගොඩ උග්ගල්ගොඩ පදිංචි වෛද්‍යවරයෙකුට කොරෝනා ආසාදනය වී තිබේ.

පාදෙණිය මහතාගේ කැලණිය දිප්පිටිගොඩ නිවසේ පවත්වා ඇති මෙම සාදයට 20 දෙනෙකු පමණ සහභාගී වී ඇත.

අදාළ වෛද්‍යවරයා ආසාදිතයෙකු බව තහවුරු වූ පසු එදින සාදයට සභාගී වූ සියලුදෙනා නිරෝධායනයට ලක් කරන ලෙස මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී අනුජ ප්‍රනාන්දු උපදෙස් ලබාදී ඇති අතර ඒ අනුව ඊයේ (13) රාත්‍රියේ වෛද්‍ය පාදෙණියගේ නිවසට ගිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට ඔහු ආගිය අතක් සොයාගැනීමට නොහැකි වී ඇත.

එම නිවසේ සියලු විදුලි පහන් නිවා දමා ගේට්ටු වසා ඇතැයිද පාදෙණිය මහතා එම නිවසෙන් සොයාගත නොහැකියැයිද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් කැලණිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිණිය වෙත දැනුම්දී ඇත.

වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය ඇතුළු පවුලේ අය නිරෝධායනයට ලක් කිරීම සඳහා ඔවුන් සොයාගැනීමට තවමත් සෞඛ්‍ය අංශ උත්සාහ කරමින් සිටියි.

Abey Wardhana

http://reporter.lk/

Leave a Reply

Your email address will not be published. Required fields are marked *